April 27, 2024

මේ ආණ්ඩුවට හෙණ ගැහිලා යනවා - ජොන්ස්ටන් (VIDEO)

හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (03) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැදවා තිබිණි.

පසුගිය රජය සමයේ මහපොළ ලොතරැයිය පවත්වාගෙන යාම ඕෂනික් ගේම්ස් නමැති විදේශීය පෞද්ගලික සමාගමකට පැවරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස කැදවා තිබේ.

ප්‍රශ්ණ කිරීම් වලට අනතුරුව මාධ්‍ය සඳහා අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ රටේ සංවර්ධනය අඩාල වී ඇති බවත් ආණ්ඩුව ඉදිරි වසර තුළදී පෙරලෙන බවත්ය. 

"මේක අනිවාර්යෙන්ම පෙරළෙනවා කියලා හිතේ තියාගන්න අලුත් අවුරුද්දේ.. සුබම සුබ අනාගතයක් වේවා.. මේ ආණ්ඩුවට හෙණ ගැහිලා යනවා මතක තියාගන්න කවුරුත්" යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 January 2017 17:45