April 28, 2024

සරස්වතී දේවියගේ රන් බඩු ඉස්සූ කොල්ලා මාට්ටු වුන හැටි (CCTV දර්ශණ)

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය ගණදෙවි හින්දු කෝවිලේ සරස්වති දේවියන්ගේ ප්‍රතිමාවට පලදවා තිබු රන් ආභරණ සහ කෝවිලේ තිබු පඩුරු පෙටිටිය කිසියමි පිරිසක් විසින් ඊයේ (01) අලූයම සොරාගෙන ගොස් ඇති බව හැටන් පොලිසිය පවසනවා.

නව වසරට ආශීර්වාද පතා පැවැත්වෙන විශේෂ පුජාවන් නිසා එහි ප්‍රධාන පුජකවරයා විසින් දේව ප්‍රතිමාවන් වලට රන් ආභරණ පලදවා මල්වලින් එම දේව ප්‍රතිමාවන් සරසා අලූයම 2.39 පමණ එම කෝවිලේම යාබදව පිහිටි පුජකවරයාගේ නිවසට විවේක ගැනිම සදහා ගිය අවස්ථාවේ පසුපස දොරෙන් පැමිණි පුද්ගලයෙකු මෙම රන් ආභරණ සහ පඩුරු පෙටිටිය සොරාගෙන යන ආකාරය එම කෝවිලේ සවිකර තිබූ CCTV කැමරා දර්ශනවල පටිගත වි ඇති බවයි හැටන් පොලිසිය පවසන්නේ.

Rate this item
(0 votes)