April 28, 2024

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් එළිපිට මරණ ජනපති මෙන්න

පියාසර කරන හෙලිකොප්ටර්වලින් එළියට තල්ලු කර දමන බවට පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ දුතාර්තේ දූෂිත නිලධාරීන්ට තර්ජනය කරනවා. 

එවන් දේවල් තමන් අතීතයේත් එවැනි සිදුකර ඇති බව ද ජනාධිපතිවරයා පවසනවා.

“ඔබ දූෂිත නිලධාරියෙකු නම් මම හෙලිකොප්ටරයකින් ඇවිත් ඔබව මැනිලා වෙත රැගෙනවිත් ගුවනේ දී යානයෙන් පිටතට තල්ලු කරනවා.” පිලිපීනයේ දරුණු මත් ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළක් මෙහෙයවමින් සිටින ජනාධිපති රොද්‍රිගෝ දුතාර්තේ ප්‍රකාශ කළා.

ඊට අමතරව සිය අනුමැතිය යටතේ නීතියට පටහැනිව ඝාතන සිදු කළ බව ජනාධිපතිවරයා පිළිගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මාධ්‍යය ප්‍රකාශක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉතා රළු ලෙස සිය අදහස් ප්‍රකාශ කරන පිලිපීන නායකයාගේ මෙම තර්ජනය ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතු නමුත් ඔහු කියන වචන එලෙසින්ම අවධානයට යොමු නොකළ යුතු බවයි.

මින් මාස හයකට පෙර පිලිපීනයේ බලයට පැමිණි නව ජනාධිපති රොද්‍රිගෝ දුතාර්තේ දියත් කළ දරුණු මත්ද්‍රව්‍ය මර්ධන වැඩ පිළිවෙළ යටතේ මේ වන විට හයදහසකට අධික මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සහ ජාවාරම්කරුවන් ඝාතනය කොට ඇති බව වාර්තාවල සදහන්.

මීට පෙර මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් මරණයට පත්කළ වීඩියෝවක් පහතින්

Rate this item
(0 votes)