April 28, 2024

2017 දී පෘතුවියට වූ වෙනස මෙන්න

ලොව පුරා සියලුම ඔර්ලෝසුවලට ඊයේ (31) මධ්‍යම  රාත්‍රියේ දී අමතර තත්පරයක් එක් කර තිබෙනවා.

ඒ, පෘථිවියේ භ්‍රමණය ක්‍රමයෙන් මන්දගාමී වීමට සමගාමීව වේලාව නිවැරදි කිරීම සඳහායි.

ඒ අනුව නාසා අභ්‍යවකාශ ගවේෂණ සහ සූර්යබල කාල හෝරා යන්ත‍්‍රය ඇතුළු ලොව පුරා සියලුම කාලය මැනීමේ උපකරණවලට ඊයේ මැදියම් රැයේ දී අමතර තත්පරයක් එක්කළ යුතු වනවා.

විද්‍යාත්මක ගවේෂණයන්හි දී තත්පරයක කාල සීමාව විශාල කාල විරාමයක් ලෙසයි සැලකෙන්නේ.

ඒ අනුව 2016 වසර තත්පරයකින් දීර්ඝ වන අතර 2017 නව වසර උදාවීම තත්පරයකින් ප්‍රමාද වනු ඇති.

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 January 2017 08:01