April 28, 2024

Step Up චිත්‍රපට නිළියකගේ මළ සිරුර ඩිකියකින් හමු වේ (VIDEO)

ලොකප්‍රසිද්ද නර්ථන චිත්‍රපටයක් වූ  Step Up චිත්‍රපටයේ රඟ පෑ හොලිවුඩ් නිළි වූ ට්‍රිෂියා මැක්‌කවුලි සිය මෝටර් රිය තුළ මරා දමා තිබියදී පොලිසිය සොයා ගෙන ඇත.

පසුගිය නත්තල් දින ඇය අතුරුදන් වීම නිසා ඥාතීන් හා මිතුරන් පොලිසියට දන්වා තිබුණි.

46 හැවිරිදි වියේ පසු වූ ට්‍රිෂියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඒබ්‍රියන් ජොන්සන් නැමැත්තෙන් අත්අඩංගුවට ගෙන ඇත.

ජොන්සන් පදවා ඇත්තේ ට්‍රිෂියා සතු මෝටර් රථය බව හෙළි වී තිබේ. මෝටර් රථයේ ඩිකිය පරීක්‍ෂා කළ අවස්‌ථාවේ ට්‍රිෂියාගේ සිරුර එය තුළ තිබී හමු වී ඇත.

Rate this item
(0 votes)