May 08, 2024

ලෝකේ උසම පාලම උඩින් රවුමක් යමු (VIDEO)

December 31, 2016

ලෝකයේ උසම පාලම World’s highest bridge නිර්මාණය කිරීමට චීනය සමත්වෙලා තියෙනවා.

මේ පාලම ඉදිකරලා තියෙන්නේ දකුණු චීනයේ  Guizhou පළාතේ.

මේ පාලම නම් කරලා තියෙන්නේ ‘බීපන්ග්ජියෑන් පාලම’ (Beipanjiang ) ලෙසයි.

මෙය ලොව මෙතෙක් නිර්මාණය කොට ඇති උසම පාලමයි.

වසර තුනක කාලයක් මුළුල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබූ ‘බීපන්ග්ජියෑන්’ පාලම ඊයේ (29) රථවාහන ගමනාගමනයට විවෘත කෙරුණා.

පොළොවෙන් මීටර් පන්සීය හැට පහක් ඉහළින් නිමවා ඇති මේ පාලම ලන්ඩන් නුවර ප්‍රසිද්ධ ‘ශාර්ඩ්'(Shard London) ගොඩනැගිල්ල මෙන් දෙගුණයක උසකින් යුක්ත බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

තට්ටු දෙසීයකින් යුතු ගොඩනැගිල්ලක උසට සමාන කළ හැකි මේ නව පාලම ඉදිකිරීමට වැය කොට ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන එකසිය හතළිස් තුනකට අධිකයි.

ඩ්‍රෝන් යානා මගින් රූගත කර ඇති පහත වීඩියෝන නරඹන්න

Rate this item
(0 votes)