May 09, 2024

කාන්තා සිරුර වලෙන් ගොඩ අරන් අසමජ්ජාති වැඩක් කරලා

December 31, 2016

භූමදානය කරන ලද වයස්ගත කාන්තාවකගේ මෘත දේහයක් හාරා ගොඩගෙන ඇය පැළදසිටි අරුංගල් යුවළ ගලවාගෙන දේහය සුසාන භූමියෙහිම දමා පලා ගොස් ගිය පුද්ගලයෙක් පිළිබඳ වාර්තා වෙනවා.

මැදගොඩ ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියක් හාරා එසේ ගොඩගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිට මියගොස් ඇති අවුරුදු 67ක කාන්තාවකගේ මෘත දේහයයි. 

ඇය පැළදසිටි ඉමිටේෂන් කරාඹු යුවළ කිසිවකු විසින් ගලවාගෙන දේහය එම ස්ථනායේම දමා පලාගොස් ඇත.

සැකකරුවන් සොයා කුලියාපිටිය සුනඛ කොට්ඨාසයේද සහාය ඇතිව පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලීසිය පවසනවා.

Rate this item
(0 votes)