May 09, 2024

දිගු දුර දුවන්න ගිහිං කෙටි දුරින් අවසන් ගමන් යයි (VIDEO)

December 30, 2016

නාගොඩ, ක්‍රීඩා උත්සවයක මීටර් දහස දුර දිවීමේ ඉසව්වට සහභාගි වෙමින් සිටි තරගකරුවකු ඊයේ (29) උදෑසන 9.30ට පමණ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයකින් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි නාගොඩ පොලිසිය පවසයි.

නාගොඩ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති ක්‍රීඩා උළෙලේදී මීටර් දහසේ තරග ඉසව්වේ මීටර් දෙසීයක් පමණ නිම කරමින් සිටියදී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වය නිසා තරගකරුවා නාගොඩ රෝහලට රැගෙන යන අතරතුර ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබෙන්නේ උඩුගම ගමගේ ප්‍රේමරත්න ගුණසිංහ නමැති 50 වියැති පුද්ගලයෙකි. ඔහු නාගොඩ ප්‍රාදේශීය සභාවේ සේවය කරන්නෙක් බව පොලිසිය කියයි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 30 December 2016 10:47