May 09, 2024

තවමත් වැඩට යන අවුරුදු 102 ක විද්‍යාඥයා

December 30, 2016

ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටි වයස අවුරුදු එකසිය දෙකක විද්‍යාඥයෙකුට පසුගියදා තවදුරටත් එහි සේවයට පැමිමට ඉඩ නොලැඛෙන තත්ත්වයක් උදාවුවද එය වළක්වාගැනීමට ඔහු සමත්ව වෙලා තියෙනවා.

බටහිර ඕස්ට්‍රේලියාවේ ඊඩිත් කෝහෙන් විශ්ව විද්‍යාලයේ ඉගැන්වීමේ යෙදෙන ඩේවිඩ් ගුඩෝල් නම් මොහුගේ වයස නිසා ආරක්ෂාව ගැන අවදානම භාරගැනීමට නොහැකි බව කියමින් ලබන වසරේ සිට නිවසේ සිටම සේවය කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කොට තිබුණා.

මේ වනවිට මොහුගේ නිවසට ආසන්නයේ පිහිටි විශ්වවිද්‍යාලයක් තුළ කාර්යාලයක් ලබාදී එහි සේවය කිරීම සඳහා කටයුතු කරලා තිබෙනවා.

තවමත් සේවයේ යෙදෙන ඕස්ට්‍රේලියාවේ වයස්ගතම විද්‍යාඥයා වන මොහු වසර හැත්තෑවක තම සේවා කාලය තුළ සමීක්ෂණ වාර්තා සියයකට වැඩි ගණනක් සකස් කරලා තිබෙනවා.

මේ වනවිට එම වාර්තා සකස් කිරීම නොමිලයේ කරදෙන ඔහු මෑතක් වනතුරුම වේදිකා රංගනයෙහිද යෙදුණා. ඇස් පෙනීම දුර්වලවීම නිසා තවදුරටත් පුහුණුවීම් කටයුතුවලට නොයන බවයි ගුඩෝල් කියන්නේ.

Rate this item
(0 votes)