May 20, 2024

දිවි පරදුවට තබා ජීවිත 6 ක් බේරාගත් වීරයෙක් (CCTV-VIDEO)

December 28, 2016

මහිංගනය,ලොග්ගල් ඔයේ ගසාගෙන යමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට ප්‍රදේශයේ තරුණයින් පිරිසක් පසුගියදා සමත්වුණා.

තිලක් හෙවත් වීරසිංහ මුදියන්සේලාගේ ආරියපාල (අවු.32) නමැති තරුණයා තමයි මේ වීරක්‍රියාව කරලා තියෙන්නේ.

විනෝද චාරිකාවක් සඳහා හලාවත ප්‍රදේශයේ සිට වෑන් රථයකින් පැමිණ පිරිසක් ඔයේ නාන්න යද්දි තමයි මේ අනතුරට ලක්වෙලා තියෙන්නේ.

සිද්ධියේ දුටු කාන්තාවගේ කතාව :

‘‘මම නාන්න කියල ඇළට ගියේ. ඒ යන කොට කට්ටියක් ඇළ ළඟ හිටියා. මම දැක්ක මුලින්ම ළමයෙක් වැටෙනවා. ඒ ළමයා ගන්න තාත්තා පැන්නා. එයා ගහගෙන යනකොට ඊළඟට ඒ අම්මා පැන්නා. ඊට පස්සෙ ළමයෙක් වඩාගෙන හිටිය පිරිමි කෙනෙක් ළමයත් එක්ක පැන්නා. ඊට පස්සෙ ඒ අය බේරගන්න තව දෙන්නෙක් පැන්නා. ඔක්කොම හයයි. 

මම මේ සිද්ධිය දැකලා දුවගෙන ගිහින් එහා පැත්තෙ කඩේ අයට කෑ ගහල කිවුවා. ඒ ගමන්ම මේ ටයර් වැඩපළේ තිලක් කියන ළමය දුවගෙන ඇවිත් ඇළේ සැඩ පහරට පැනල මේ ගහගෙන ගිය දරුවයි, අම්මයි මුලින්ම ගත්තා. ඊට පස්සෙ වටේ හිටිය අයගෙත් උදව් ඇතිව අනෙක් හතර දෙනත් උඩට ගත්තා" යනුවෙන් පැවසුවාය. 

වීර තරුණයාගේ කථාව :

"ඇළ පැත්තෙ ඉඳන් ආපු මම දන්න නැන්ද කෙනෙක් කෑ ගහගෙන ඇවිත් පිරිසක් ඇළට වැටී ගහගෙන යන බව කිවුවා. මම එතකොටම දුවගෙන ගිහින් ඇළට පැනලා දරුවවයි අම්මවයි මුලින්ම ගත්තා. ඊට පස්සෙ අනිත් අය ගත්තා. ඒ අසල සිටි අනිත් අයත් ළඟට ඇවිත් එයාල උඩට ගන්න උදවු කළා. මම මගේ ජීවිතේ ගැන හිතුවේ නැහැ. මේ කළ උදවුව ගැන මට හරිම සතුටුයි" යනුවෙන් පැවසීය. 

වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 December 2016 12:35