May 20, 2024

හොර PHI කළ මගඩියක් CCTV වල සටහන් වෙලා (VIDEO)

December 28, 2016

මහජන සෞඛ්‍ය පරික‍ෂකවරයෙකු වශයෙන් පෙනී සිටිමින් හැටන් නගරයේ වෙළදසැල් සහ ආපන ශාලාවලට ගොස් පරික‍ෂා කළ සැකකරුවෙකු හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම සැකකරු වෙළදසැල්වලට ගොස් තමන් මහජන සෞඛ්‍ය පරික‍ෂකවරයෙකු යැයි පවසා තමන් තවත් මහජන සෞඛ්‍ය පරික‍ෂකවරුන් ගණනාවක් සමග හදිසි වැටලිමකට පැමිණෙන බව කියමින් අඩුපාඩුකම් පිළිබදව නෛතික පියවර නොගැනිමට රැපියල් විසිපන්දහසක මුදලක් ඉල්ලා තිබෙනවා.

මෙම මහජන සෞඛ්‍ය පරික‍ෂකවරයා පිළිබද සැකසිතූ හැටන් නගරයේ ආපන ශාලා හිමියෙක් පොලිස් නිළධාරියෙකුට දුරකථනය මගින් දැනුම් දී පසුව එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා කොටුවෙන ආකාරය පහතින් 

Rate this item
(0 votes)