May 07, 2024

හිතාමතා ළමුන් අතරමං කළ පුදුම තාත්තා

December 27, 2016

කොළඹ සිට හැටන් බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක අතරමං වූ ළමයින් තුන් දෙනෙකු හැටන් පොලීසිය භාරයට ගෙන තිබෙනවා. 

මෙම දරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හරහා පරිවාස භාරයේ තැබීමටයි පොලීසිය පියවර ගත්තේ.

බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවානා වතුයායේ පදිංචි මොවුන් කොළඹ පෞද්ගලික බස් නැවතුම්පොළෙන් බස් රථයට නංවා ඇත්තේ ඔවුන්ගේ පියායි.

දරුවන්ට ආහාරපාන ගෙන එන බව පවසමින් පියා බස් රථයෙන් බැස තිබෙනවා. අනතුරුව ඔහු හැටන් පොලීසියට දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ ළමයින්ට ආහාර ගෙන ඒමට ගිය අවස්ථාවේ බස් රථය පිටත්ව ගොස් ඇති බවයි. 

තමා පැමිණෙන තෙක් ළමයින් පොලිස් භාරයේ තබා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටි බව හැටන් මූලස්ථාන පොලිස් පරික්‍ෂක කුමාර හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා. 

පියාගේ දුරකථනය මේ වන විට ක්‍රියා විරහිත කර ඇති බව වාර්තා වනවා. ළමයින්ගේ මව ද මීට වසර දෙකහමාරකට පෙර ගෘහ සේවයට විදේශ ගත වී තිබෙනවා. 

අනාරක්‍ෂිතව සිටි මෙම දරුවන් තුන් දෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හරහා පරිවාස භාරයේ තැබීමට හැටන් පොලීසිය කටයුතු කළා.

 
Rate this item
(0 votes)