May 07, 2024

සුනාමියෙන් දිවි ගලවගත් පියෙකුගේ අනුවේදනී කථාව

December 27, 2016

සුනාමි දළ රළ පෙලත් සමඟ මිනිසුන්ගේ ජිවිත අවුල් වියවුල්භාවයට පත් වීමට ගත වුයේ නිමේෂයකි. ‍එහෙත් සුනාමිය ගත වී වසර ගණනාවක් ගත වි ඇතත් මිනිසුන්ගේ මතක වැලලී‍ ගොස් නැත. සිය ජිවිතයට පරදුවට තබා සිය දරුවන් දෙදෙනා හා තවත් අවුරුදු හයක දරුවෙකු බේරාගත් අපුර්ව පියෙකු අපට කඹුරුපිටිය,මාපලාන ප්‍රදේශයෙන් වාර්තාවේ.

කොළඹ සිට ගාල්ල දක්වා වූ නියමිත දුම්රිය ගමන් මග අතරතුර හමුවන, තෙල්වත්ත නැවතුම ආසන්නයේ පිහිටි පෑරලිය ග්‍රාමයේ ධාවනය වෙමින් පැවැති දුම්රිය වෙත සුනාමි රළ පෙළ ගිලගත්තේ කිසිවෙක් නොසිතන ආකාරයට ය. 

මේ අනතුර නිසා පුද්ගලයන් 1,700 කට වඩා වැඩි පිරිසක් මිය ගිය අතර එම ප්‍රමාණය, ඊට පෙර දුම්රිය ඉතිහාසයේ වාර්තා වී තිබූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත දුමිරිය අනතුර බවට පත් විය. මෙහි ගමන් ගත් මාපලාන ප්‍රාදේශයේ පදිංචි එස්.ඒ .දයාසේන මහතා සිය දරුවන් දෙදෙනා සමඟ කොළඹ පිහිටි මල්ලිගේ නි‍වසේ සිට මාතර බලා පිටත් වුයේ 2004 දෙසැම්බර් 26 දා ය. හැමදා කොළඹ ගිය අවස්ථාවේ දී  කැලණි විහාරය වන්දනාමාන කර පැමිණිම දයාසේන මහතාගේ සුපුරු ක්‍රියාවක් බවට පත් විය. 

සිය හිතේ කිලුටක් නැතිව උදෑසන අවදි වි දරුවන් දෙදෙනා සමඟ කොටුව දුම්රිය පොළට පැමිණි ගාල්ල බලා යන දුම්රියට ගොඩ විය. ගොඩවෙන අවස්ථාවේ පවා විශාල පිරිසක් දුමිරියේ රැදි සිටියේ ය. කොළඹ දුම්රිය නැවතුම්පළින් පිටත් වූ දුම්රිය, උදෑසන 9:30 පමණ වන විට තෙල්වත්ත අසල, පෑරලිය ග්‍රාමය ඔස්සේ ධාවනය වෙමින් පැවැතිණි. එම අවස්ථාව වන විට ගලා ආ පළමු සුනාමි රළ, වෙරළ තීරය යටකරමින් ගොඩ බිම දෙසට ගලා වුත් දුම්රිය හාත්පසද වට කර ගැනීම නිසා, දුම්රිය ධාවනය නතර කරන ලදී.

දයාසේන මහතා මුහුදු ගොඩ ගලා ගෙන එන බව දැක කිසිදු දෙයක් කර ගත නොහැකි බලා උන්නේ ය. පසුව පෙට්ටියේ සිටි බොහෝ දෙනා කෑගහන්ට විය. එහාට මෙහාට යන්නට විය. නමුත් දයාසේන මහතා කිවේ දරුවන්ට තමා  හොදින් අල්ලා ගෙන සිටින ලෙසටය. පසුව මහා උදම් රැළ සමඟ මුළු ශරිරයට තෙමා ගියේ ය. පසුව් තමන්ගේ ක‍ට ළඟටම ජලය පැමිණියේ ය. දරුවන් දෙදෙනා ද තාත්තාගේ ඇ‍ගේ එල්ලී සිටියේ ය. පසුව කෙට වේලාවකි වතුර බැස ගෙන ගියේ ය. පසුව දැකගත හැකි වුයේ හැම තැනම මිනි ගොඩවල් ය. එවාගේම බොහෝ දෙනා බොහෝ  දෙනා ගසා ගෙන ගොස් ඇත. මේ නිසා  බැලු බැලු පැත්තෙන්ම විශාලාවක් වැනි ස්ථානයක් බව දුමිරිය පෙට්ටි බවට පත් විය.

ගස්කොලන්, නිවාස ආදියටද දැඩි හානි සිදුකරමින් රට තුලට ගලා යන ලදී. සුනාමි රළ පහර හේතුවෙන් ජලයෙන් පිරී ගොස් තිබූ දුම්රිය මැදිරි අටක සිටි පිරිස ඒ තුළම ගිලී මිය ගිය අතර, සමහරක් දෙනා ජල පහරේ ගසා ගෙන ආ සුන්බුන් වල ගැටීම නිසා මිය ගියහ. දැඩි රළ පහර නිසා ගැලවී ගිය සමහර දුම්රිය පෙට්ටි උඩුයටිකුරු වෙමින් ජල පහර සමග රට තුලට ගසා ගෙන ගිය අතර, දුම්රිය මාර්ගයටද රළ පහර නිසා දැඩි ලෙස හානි සිදුවී තිබුණි.

පසුව කෙසේ හෝ දරුවන්වන් දෙදෙනා අමාරුවෙන් දුම්රිය පෙට්ටියේ  සුලන් කවුළුවෙන් එලියට ගන්නා විට තවත් දරුවෙකු මාමේ මමත් ගන්න කියා කෑ ගැසුහ. පසුව දයාසේන මහතා එම දරුවත් දරුවන් තිදෙනා සමඟ  දුම්රිය පෙට්ටියට ගොඩ වුනේය. පසුව සිදු වුයේ  කෙසේ හෝ දුම්රිය පෙට්ටියෙන් බැස ගත් මේ අය අසල ඇති තෙල්වත්ත පන්සලට යන අවස්ථාවේ දී සිවුරු කඩ ඇදගත් බොහෝ දෙනෙක් සිටිනු දැකගත හැකි විය. පසුව එම ස්ථානය ගොස් සිටින විට දයාසේන මහතාගේ පොඩි පුතාගේ බඩේ  මුහුදු වතුර පිරී  නිසා අපහසුවෙන් සිටියේය. පසුව විහාරස්ථානයේ ලොකු ස්වාමින් වහන්සේ ගෙන් බිම වතුර ටිකක් ඉල්ලා ගෙන අනතුරු පොවා මුහුදු වතුර ඉවත් වමනය කර ඉවත් කළේ ය.

පසුව එම ස්ථානයට අනාරක්ෂිත බව දැනුණු දයාසේන මහතා ගොඩබිම් ප්‍රදේශයක් බලා ගමන් ආරම්භ ක‍ළේ ය. පසුව ගඟෙන් එතැර වීමෙන් අනතුරව  පසුව පයින් යන විට වාහනයක් නතර කර ගෙන පසුව අපි මිටියාගොඩ පාසලට ගිහින් දැම්මා. පස්සේ බැලුවාම එතැන විශාල පිරිසක් ඇවිල්ලා සිටියා. පසුව ජනාතව ‍එකතු කර අපිට කන්න දුන්නා.

පසුව මම සොයා ගත් දරුවා බැලුවාම බොරලැස්ගම ප්‍රාදේශයේ දරුවෙක් එයාගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා. පසුව ඒ දරුවා මම මිටියාගොඩ පොලිසිය භාර දී ලා . දවස් තුනකින් පස්සේ  ආයේ මම ගෙදර ආවා .

මට හිතා ගන්න බැහැ අපි කොහොම බේරුණා ද කියලා මේ සිදු වීම මාගේ ජිවිතයෙන් කිසිදා අමතක වෙන්නේ නැහැ. යැයි දයාසේන මහතා පැවැසි ය.

Rate this item
(0 votes)