May 08, 2024

නුවරඑළියට හිම වැටෙයි (VIDEO)

December 26, 2016

මධ්‍යම කඳූකරයේ අලුයම් කාලයේ සහ රාත්‍රී කාලයේ පවතින අධික ශීතල කාළගුණ තත්ත්වයත් සමගම නුවරඑළිය නගරයේ තුරඟ තරග පිටියේ හා ගොල්ෆ් ක්‍රීඩාංගනය ඇතුලූ ස්ථාන කිහිපයකම හිම පතිත වී තිබේ.

එම මල් තුහින (හිම) පතිත විමත් සමගම නුවරඑළිය තුළ උෂ්ණත්වය සෙල්සීයස් අංශක 6 ක් දක්වා පහළ ගොස් ඇත.

මල් තුහින පතිත විමෙන්  එළවලු වගාවට මෙන්ම තේ වගාවට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව කාළගුණ දෙපාර්තෙමින්තුව පවසයි.

මෙම මල්තුහින දැක ගැනිමට හා සතිඅන්තයේ නත්තල් දීරඝ නිවාඩුවත් සමග නුවරඑළියට විශාල වශයෙන් දෙස් විදෙස් සංචාරකයන් පැමිණ ඇති බවත් නුවරඑළිය සියලූම නිවාඩු නිකේතන එම සංචාරකයන්ගෙන් පිරිපවතින බවත් අප වාර්තාකරු පවසයි.

- හැටන් රන්ජිත් -

Rate this item
(0 votes)