May 07, 2024

දඩබ්බර වලසා සොහොයුරියන්ට වද දීලා (PHOTOS)

December 26, 2016

වව්නියාව ඇටඹගස්කඩ ප්‍රදේශයේ දරකැඩීමට ගිය කාන්තාවන් දෙදෙනෙකුට ඊ‍යේ(25) වලහෙකු පහරදීමෙන් තුවාල ලබා වව්නියාව මහරෝහලට ඇතුලත් කොට තිබේ.

ඇටඹගස්කඩ කැලෑවේ දර කැඩීම සඳහා සහෝදරියන් වූ මෙම කාන්තාවන් දෙදෙනාට එකවර සැඟව සිටි වලහෙකු පහර දී ඇත.

වලහගෙ පහරදීමත් සමඟම මෙම සහෝදරියන් දෙදෙනා එඩිතරව කෑ ගසමින් දෙදෙනාට දෙදෙනා බේරාගැනීමට පොරබැදීම නිසා ජීවිතය බේරා ගැනීමට හැකවී ඇත.

මෙසේ වලහගේ පහර දීමෙන් තුවාල ලබා ඇත්තේ ඇටඹගස්කඩ පදිංචි 56 හැවිරිදි කේ.සීලවතී හා 53 හැවිරිදි කේ සිරියලතා යන සහෝදරියන් වන අතර වලහගේ පහර කෑමෙන් ඔවුන්ගේ හිසට හා මුහුණට තුවාල සිදුව ඇති අතර තුවාල සහිතව ගම්මානයට පැමිණීමෙන් පසුව ගම් වාසීන් විසින් ඔවුන් දෙදෙනා වවුනියාව මහරෝහලට ඇතුලත් කොට ඇත.

- වන්නි රොමේෂ් -

Rate this item
(0 votes)
Last modified on Monday, 26 December 2016 12:34