May 04, 2024

කදුලු එක්ක පොරබදින ජීවිතයට සිනාවක් එක්කළ "හමුවෙමු" (PHOTOS)

December 23, 2016

කවදාවත් හමුවෙලා නැති ෆේස්බුක් හරහාම හදුනාගත්තා මිතුරන් පිරිසක් 2014 දි හදපු "හමුවෙමු" කියන සමාජජාල සාමුහිකය හරහා එකට එකතුවෙලා එදා මෙදාතුර ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන් සම්බන්ධ කරගනිමින් මේ වනවිට විශාල වැඩ ප්‍රමාණයක් සමාජය වෙනුවෙන් කරන්නට හැකි වෙලා තියෙනවා..

මෙහි තවත් පියවරක් වශයෙන් පසුගිය 22 නිදා මහරගම අපේක්ෂා රෝහලේ කදුලු එක්ක පොරබදිමින් ජීවිතේ දුක සතුට විදින විදවන පුංචි ජීවිත එක්ක නත්තල් සමරන්න එකතු වුනා. එහිදී අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන් සදහා තැඹිලි පැන් ලබා දීමක් සිදුකරා. 

ඊට අමතරව අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවේ සිටින පුන්චි දරුවන් එක්ක වරුවක්ම ගතකරමින්, ඒ දරුවන් සමග විවිධ ක්‍රියාකාරම්, ගීත ගායනා , චිත්‍රපටයක් රසවිදින්න අවස්ථාව සලසා දෙමින් ඒ දරුවන් සතුටෙන් කුල්මත් කරන්නට සමත් උනා... 

මේ සඳහා විදෙස් රටකින් පැමිණි විශ්වවිද්‍යාලල ස්වෙච්ඡා කණ්ඩායමක් ද එකතු වුනා..ඒ විතරක් නෙවෙයි ලංකාවේ හැම තැනින්ම මනුස්සකම පිරුණු මිනිස්සු එකතු වෙලා ලබා දුන් පොත්පත් සෙල්ලම් බඩු සබන් විවිධ ආහාර ද්‍රව්‍ය  වැනි පරිත්‍යාග රාශියක් කුඩා දරුවන් අතර බෙදා දුන්නා...

ෆේස්බුක් සමාජ ජාලය තුල නිර්මාණය වූ "හමුවෙමු" මිතුරු සාමුහික ය මගින් සංවිධානය මෙය කරමින් ලංකාවේ හැමතැනින්ම මනුස්සකම එකතු කරගනිමින්, ෆේස්බුක් සමාජජාල තුලින් අලුත් මානයකට සමාජය යොමු කරන්නට කටයුතු කලා

- ඩනුෂ්ක දියුණුගල -

Image may contain: 1 person, eating, sitting and closeup

Image may contain: one or more people and people sitting

Image may contain: 3 people, people sitting, table and indoor

Image may contain: 1 person, sittingImage may contain: 6 people, people sitting

Image may contain: 2 people, people sitting and indoor

Image may contain: foodImage may contain: one or more people, people sitting, table and indoor

Image may contain: 4 people, people standing and outdoor

Image may contain: 4 people, people standing and outdoor

Image may contain: one or more peopleImage may contain: 1 person, food

Rate this item
(2 votes)
Last modified on Friday, 23 December 2016 16:13