May 04, 2024

බිරිඳව Facebook පෙම්වතාට පූජා කරලා

December 24, 2016

බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වා යන බව අතටම අසුවූ අවස්ථාවේදී සැමියා විසින් එම පෙම්වතාට තම බිරිඳව බාරදුන් අහිංසක සැමියෙකුගේ පුවතක් වාර්තා වෙනවා. 

මේ දෙපළට දරුවෝ දෙන්නෙකුත් සිටින අතර ඔවුන් 19 සහ 16 යන වයස්වල පසුවන අය බවයි වාර්තා වන්නේ.

Facebook එකෙන් හමුවුණු පෙම්වතා එක්ක අනියම් ඇසුරක් පවත්වලා සිය සැමියා සහ දරු දෙන්නා දාලා අදාළ කාන්තාව පැනලා ගිහින්.

එක දිනයකදී අදාළ කාන්තාව විසින් සිය මවගේ නිවසට යන බව පවසා ගොස් ඇති අතර දින කිහිපයකින් පැමිණ නැති නිසා සැමියා විසින් සොයා තිබෙනවා.

එහිදී ඔහුට ආරංචිවෙලා තියෙන්නේ බිරිඳටත් වඩා අවුරුදු 10ක් වයසින් බාල පුද්ගලයෙකු සමඟ පැනල ගිහින් බවයි.

මේ පිළිබඳව සැමියා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ කාන්තාව සහ ලාබාල පෙම්වතා පොලිසියට කැඳවා මේ පිළිබඳව පොලිසිය විසින් ප්‍රශ්නකර තිබෙනවා.

එම ප්‍රශ්නකිරීම් වලදී කාන්තාව විසින් ප්‍රකාශ කරලා තිබුණේ තමන් විසින් එම සිය Facebook පෙම්වතා සමඟ පැමිණි බවයි.

මෙහිදී ඇයගේ නිත්‍යානුකකූල සැමියා විසින් සිය බිරිඳ Facebook පෙම්වතාට බාරදී තිබෙනවා.

Rate this item
(0 votes)