May 03, 2024

මල පහ කරන්නේ බලාගෙනයි

December 23, 2016

ගුවන්ගමනක් අතරතුරේදී මිනිස් අසූචි පොළවට හෙලා තිබුණොත් එරට මුදලින් ඉන්දීය රු. 50,000 ක දඩයක් නියම කරන බව ඉන්දීය පරිසර අධිකරණයක් නියෝග කරලා තියෙනවා.

ඒ හින්දම ගුවන් ගමනකට පස්සේ  ගොඩබාන යානයක අසූචි ටැංකි හිස් ද කියලා බලන්න අධිකරණය විසින් ගුවන්සේවා බලධාරීන්ට නියෝග කරලා තියෙනවා.

ගුවන් යානා වැසිකිළි වල එකතු වන මිනිස් අසූචි සාමාන්‍යයෙන් අස්කරන්නේ ගුවන් ගමනක් අවසානයේ ගොඩබිමට පැමිණි පසුවයි.

කොහොම උනත්  ගුවන් සමාගම් කිහිපයක්ම විසින්ම ගුවන් ගමනක් අතරතුරේදී මිනිස් අසූචි පොළවට හෙලූ අවස්ථා ඇති බව කියලා තියෙනවා.

මෙම වැසිකිළි වල එකතු වන අසූචි දිරායාම පහසුවීමට හා දුගඳ අඩුකිරීමට එක්කරනු ලබන රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ඒවා ‘බ්ලූ අයිස්’ කියලා හදුන්වනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 December 2016 13:05