May 05, 2024

කරීනා අම්මා කෙනෙක් වෙද්දි සයිෆ් තිදරු පියෙක් වෙලා (VIDEO)

December 21, 2016

බොලිවුඩයේ සුපිරි තරු යුවළක් වන සයිෆ් අලී ඛාන් හා කරීනා කපූර් ඛාන් ඔන්න මව්පිය පදවිය ලබලා කියලා ඉන්දියාව වාර්තා කරනවා.

මේ කරීනාගේ කුළුදුල් දරු ප්‍රසූතියයි. මේ පුංචි සිගිත්තට තියෙලා තියෙන නම තමයි ටයිමුර් අලි ඛාන් පටවුඩි.

මව සහ දරුවා දෙදෙනාම හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා කියලයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

කරීනා කපූර් දරුවෙකු ලබන්නේ ප්‍රථම වරට වුනත් සයිෆ් අලි කාන් සිය පළමු විවාහයෙන් දරු දෙදෙනෙකුගේ පියකුව සිටි අතර 1991-2004 කාලයේ පැවති විවාහය දික්කසාදයකින් අතැර ගිය පසු 2012 කරීනා සමග විවාහ වුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 December 2016 10:45