May 05, 2024

MATRIX චිත්‍රපටය යතාර්ථයක් වෙයි - දැනුම මොළයට Upload කරන ක්‍රමයක් ළගදීම

December 21, 2016

පාසල් අධ්‍යාපනයේ හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ හෝ වෙනත් ඕනෑම අධ්‍යාපන කටයුත්තක නියැලෙන අයට තිබෙන ලොකුම ගැටලුවක් තමයි අමතක වීම කියන එක. එහෙමත් නැත්නම් ඉක්මණින් පහසුවෙන් නව දැනුම ලබාගන්නට බැරිකම. පසුගිය දවස්වල සමහරු මතක හිටින්න ඕනේ පොත කොට්ටේ යටින් තියාගෙන නිදාගන්න වගේ ප්‍රයෝගික නැති විසඳුම් මේකට ලබාදුන්නත් නවීන විද්‍යාවේ පිහිටෙන් මේ ගැටළුවට විසඳුමක් නුදුරු අනාගතයේදී ලැබෙන බවට විද්‍යාඥයින් මත පලකරනවා. 

අපිනන් මේ වගේ සිද්ධි දැකලා තියෙන්නේ චිත්‍රපටවල විතරයි. ඔයාලට මතක ඇති Matrix චිත්‍රපටයේ කතා නායකයා වන නියෝ ආත්මාරක්ෂක සටන් කලාව එයාගේ මොළයට upload කරලා තත්පර කිහිපයකින් kung fu ඉගෙන ගන්නවා. හැබැයි ඉදිරියේදී මේවා තවදුරත් චිත්‍රපට ලෝකයට විතරක් සීමා වෙන එකක් නෑ.

 

කැලිෆොර්නියා වල HRL කියන විද්‍යාගාරයේ කරපු පරීක්ෂණ මත පදනම් වෙලා මොලයට තොරතුරු upload කරන්න පුළුවන් ක්‍රමයක් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. හැබැයි ඉතින් චිත්‍රපටවල පෙන්වන තරම් සාර්ථකව මේක තවම කරන්න හැකිවෙලා නෑ. මේ ගැන පරීක්ෂණ කරන විද්‍යාඥයෝ සෘජුවම මොළයට තොරතුරු ඇතුළු කරන්න පුළුවන් උත්තේජ කාරකයක් (stimulator) නිර්මාණය කරලා තියෙනවා. මේ තොරතුරු වරක් ඇතුළු කළාට පස්සේ ඉතා කෙටි කාලයක් තුළ අළුත් හැකියාවන් පුද්ගලයෙක්ට උගන්වන්න පුළුවන්.

මේ පරීක්ෂණයට මුලින්ම භාජනය කරලා තියෙන්නේ පුහුණු වුණු ගුවන් නියමුවෙක්ව. මුලින්ම පුහුණුවුණු ගුවන් නියමුවෙක්ගේ මොළයට ඉලෙක්ට්‍රොනික සංඥා යවා ලබාගත් තොරතුරු පුහුණුවන නියමුවන්ගේ මොළයට ඇතුළු කරනු ලැබූ අතර ඉන්පසු ඔවුන්ට තාත්වික ගුවන් සැරියක පුහුණුව ලබාදෙන ලදී. මෙහිදී මෙලෙස ඉලෙක්ට්‍රොඩ සහිත හිස් පළඳනා භාවිතා කළ නියමුවන් අනෙක් අයට වඩා 33% න් ගුණයකින් සාර්ථකව පුහුණුව නිමා කළහ.

මෙම පරීක්ෂක කණ්ඩායමේ සාමාජිකයෙක් වන වෛද්‍ය මැතිව් පිලිප් මහතා කියන්නෙ මෙලෙස ප්‍රකාශ කරනවා. “ ඒක නිකන් විද්‍යා ප්‍රබන්ධයක් වගේ තමයි, ඒත් ඒකට විශාල විද්‍යාත්මක පදනමක් තියෙනවා. අපේ පරීක්ෂණයට අපි යොදාගත්තේ ගුවන් යානා පැදවීමේ හැකියාව. ඒකට දැනුම වගේම අතේ හුරුවත් අත්‍යවශ්‍යයි. ඔබ අලුතින් යමක් ඉගෙන ගන්නා විට, ඔබේ මොළය වෙනස් වෙනවා. අළුත් සම්බන්ධතා හැදිලා ශක්තිමත් වෙනවා Neuroplasticity කියන ක්‍රියාවලියෙන්.”

මෙතෙක් අපි චිත්‍රපට වලින් පමණක් දුටු දේවල් නුදුරු දිනකදී යතාර්ථයක් බවට පත් වේවි. ඔබත් ඒ ගැන නොඉවසිලිමත්ද?

වීඩියෝව පහතින් 

THE MATRIX චිත්‍රපටයේ කුන්ග් ෆූ ක්‍රීඩාව මොළයට ඇතුළත් කරන අයුරු

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 December 2016 14:20