May 02, 2024

ISIS ත්‍රස්තවාදීන්ට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීමක්

December 20, 2016
ජර්මනියේ බර්ලින් අගනුවර පැවති නත්තල් පොලක් මැදින් ලොරියක් කඩාගෙන යාම හේතුවෙන් 12 දෙනෙකු මියගොස් තවත් 48 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
 
මෙම නත්තල් පොල බර්ලිනයේ Breitscheidplatz හි පිහිටා ඇති අතර, මෙම සිද්ධිය අනතුරක්ද ප්‍රහාරයක් ද යන්න පරීක්ෂා කෙරෙනවා.
 
ජර්මනියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය තෝමස් ඩි මයිසිඒරේ පවසන්නේ මෙය සිතාමතා සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයක් බවට බොහෝ සාධක හමුවී ඇති බව පවසනවා.
 
කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනාධිපති ධූරයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, ජර්මන් අගනුවර ක්‍රිස්තියානු භක්තිකයන් ‘ඝාතනය’ කිරීම සම්බන්ධයෙන් ‘ඉස්ලාමීය ත්‍රස්තවාදීන්’ වෙත වරද පටවන බව ට්විටර් පණිවිඩයක් ඕස්සේ සඳහන් කර තිබෙනවා. 
 
මේ ආකාරයේම දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් ප්‍රංශයේ නීස් නගරයේදී පසුගිය ජූලි මාසයේදී එල්ල වූ අතර, IS ඉස්ලාම් රාජ්‍ය හුදකලා ත්‍රස්තයෙකු විසින් එල්ල කරන ලද එම ලොරි රථ ප්‍රහාරයෙන් පුද්ගලයන් 86 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
 
මෙම නත්තල් සමයේදී මෙවැනි ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර එල්ලකරන ලෙස IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මෙන්ම අල්-කයිඩා ත්‍රස්තයන් සිය අනුගාමිකයන්ට හා හුදකලා ත්‍රස්තයන්ට පවසා ඇති බවත් ලෝකයේ ප්‍රබල බුද්ධි අංශ අනාවරණය කර තිබෙනවා.
 
Police and emergency workers stand next to a crashed truck at the site of an accident at a Christmas market in Berlin
Paramedics work at the site of an accident at a Christmas market in Berlin
 
 
 
 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 December 2016 17:12