May 02, 2024

තුර්කියේ රුසියානු තානාපති ඝාතනය කරපු හැටි (VIDEO)

December 20, 2016

තුර්කියේ අන්කාරා නුවර රැස්වීමක් අමතමින් සිටියදි තුර්කියේ රුසියානු තානාපති Andrei Karlov වෙඩි තබා ඝාතනය කෙරේ.

රැස්වීමට සහභාගි වී සිටි පුද්ගලයෙකු ‘‘දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි’’ යනුවෙන්  ප්‍රකාශ කරමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

 

රුසියාවේ ප්‍රවීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන 62 හැවිරිදි කාලොෆ් මෙලෙස ඝාතනය කර ඇත්තේ රාජකාරියෙන් මුක්තව සිටි තුර්කි කැරළි මර්දන පොලිස් භටයෙකු විසිනි.

 

රුසියාව තුර්කි ජාතිකයන්ගේ ඇසින් යන තේමාව යටතේ අන්කාරා නුවර පැවැති ඡායාරූප ප්‍රදර්ශනයක සමාරම්භක අවස්ථාවට එක්වූ රුසියානු තානාපතිවරයාට ඔහු විසින් වෙඩි පහර 8ක් එල්ල කර තිබේ.

 

වෙඩි තැබීමට පෙර, ඇලෙප්පෝව සහ සිරියාව අමතක නොකරන ලෙස හඬ නැගූ මෙම 22 හැවිරිදි පොලිස් නිලධාරියා තුර්කි ආරක්ෂකයන්ගේ වෙඩි පහරින් මිය ගිය බවයි වාර්තා වී ඇත්තේ.

වෙඩි තැබීම සිදුවූ වීඩියෝව පහතින් (සංවේදී දර්ශන සහිතයි) 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 December 2016 09:18