April 27, 2024

සූර් වූ තරුණයා ඉලක්කයට බෙල්ලට වෙඩි තියාගෙන

December 16, 2016

තණමල්විල ප්‍රදේශයේදී වයස අවුරුදු 22 ක තරුණයෙක්‌ ඔහු විසින්ම ඔහුගේ ගෙල ප්‍රදේශයට වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන තිබෙනවා.
 
ඔහුගේ යහළුවා සමඟ මත්පැන් පානය කිරීමෙන් අනතුරුව තම නිවසට ගොස්‌ ඉලක්‌කයට වෙඩි තැබීමට කතිකා කරගෙන 
 
තණමල්විල පොලිස්‌ වසමට අයත් කිවුල් ආර ප්‍රදේශයේදී වයස අවුරුදු 22 ක තරුණයෙක්‌ ඔහුගේ යහළුවා සමඟ මත්පැන් පානය කිරීමෙන් අනතුරුව තම නිවසට ගොස්‌ ඉලක්‌කයට වෙඩි තැබීමට කතිකා කරගෙන ඇඳ යට තිබූ බෙහෙත් කොටන තුවක්‌කුවක්‌ රැගෙන ඔහු විසින්ම ඔහුගේ ගෙල ප්‍රදේශයට වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇත.
 
මෙසේ මියගොස්‌ ඇත්තේ තණමල්විල කිවුල්ආර ප්‍රදේශයේ පදිංචි ගයාන් චමින්ද නමැති අවිවාහක තරුණයෙකි. තණමල්විල පොලිසිය මගින් ඔහුගේ යාලුවා අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (15 දා) වැල්ලවාය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. වැඩිදුර පරීක්‍ෂණ තණමල්විල පොලිසිය සිදු කරයි.
Rate this item
(0 votes)