April 27, 2024

සාපෙළ සිසුන් තිදෙනාගේ කෝටි 7 ක කප්පම් සැලැස්ම මාට්ටු

December 15, 2016

 

මෙවර අපොස සා. පෙළ විභාගයට පෙනී සිටින දංකොටුව ගෝනවිල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවකු පැහැර ගත් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් දෙදෙනා 19 හැවිරිදි වියේ පසුවන කටුකෙන්ද මැදිකැලේ හා මැදිකැලේ දංකොටුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. 
 
පාසල් ශිෂ්‍යයා පැහැරගෙන ඇත්තේ ඔහුගේම මිත්‍රයන් බවත් ඔහුගේ කැමැත්ත මත දෙමාපියන්ගෙන් මුදල් ලබා ගැනීමට හා විභාගය මග හැරීමට සිසුවා විසින්ම මෙම පැහැර ගැනීම සැලසුම් කළ එකක්‌ බවට සැක පහල කරන බවත් පොලිසිය පවසයි.
 
සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක්‌ විසින් මෙම ශිෂ්‍යයා පැහැරගෙන ගොස්‌ ඇති අතර රුපියල් හත් කෝටි හැත්තෑපන් ලක්‍ෂයක (77500000) කප්පමක්‌ ද ඉල්ලා නිර්නාමික දුරකථන ඇමතුමක්‌ ලබා දී ඇත.
 
මෙම සිද්ධිය පොලිසියට දැන්වුවහොත් පුතාගේ ජීවිතයට හානියක්‌ සිදු කරන බව කප්පම් කරුවන් පවසා තිබේ. පසුව ශිෂ්‍යයාලේ පියා විසින් මේ පිළිබඳ පොලීසියට පැමිණිලි කර ඇත.
 
එම දුරකථන ඇමතුම ලබා දුන් ජංගම දුරකථනයේ අංකය ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත් වූ පොලිසිය පියා මාර්ගයෙන් කප්පම්කරුවන්ට කතා කර කප්පම් මුදල රුපියල් කෝටි තුනක්‌ දක්‌වා අඩුකර ගෙන තිබේ. 
 
එම මුදල ලබාදෙන බව පවසා උපක්‍රමශීලීව එම දුරකථනය අයත් සැකකරු පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.
 
ඔහුගෙන් ලද තොරතුරු අනුව අනෙක්‌ සැකකරුද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අතහැර දමන ලද පොල් තෙල් මෝලක සිටියදී පැහැරගත් ශිෂ්‍යයා සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
Rate this item
(0 votes)
Last modified on Thursday, 15 December 2016 14:43