April 27, 2024

තජිකිස්තාන ජනාධිපති සහ ශ්‍රී ලංකාව අතර අමුතු සම්බන්ධයක්

December 15, 2016

දෙදින නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණි තජිකිස්තාන ජනාධිපති ඉමෝමලි රහ්මන් පසුගිය දා (13) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
 
එම හමුවත් සමඟ තජිකිස්තාන ජනාධිපතිවරයා පිළිබඳ කතා බහට ලක් වී ඇත්තේ ඇතැම් දේශපාලනික මෙන්ම පෞද්ගලික කාරණාද ශ්‍රී ලංකාවේ දේශපාලනයට යම් සමානකමක් දක්වන හෙයින් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
 
1952 දී උපත ලද තජිකිස්තාන ජනාධිපතිවරයා සමූහ ගොවිපළ සභාපතිවරයෙකි. පසුව 1994 දී තජිකිස්තායේ ජනාධිපතිවරයා බවට පත් වූයේ හිටපු ජනපතිගේ ඉල්ලා අස්වීම හේතුවෙන් වැඩබලන ජානාධිපති ලෙස පත්වෙමිනි.
 
1999 දී 97% ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපති ලෙස නැවත තේරී පත් වූ හෙතෙම දෙවතාවකට පමණක් සීමා වූ ජනාධිපතිධුර කාල සීමාව ජනමත විචාරණයක් පවත්වා අහෝසි කළේය. 
 
ඉන් පසු නැවත ඔහු ජනාධිපති ලෙස 2006 වසරේදී පත් වූයේ, තජිකිස්තාන විපක්ෂයට කිසිඳු අවස්තාවක් නොදෙන රටක් යැයි විරුද්ධවාදීන් හා විදේශ නිරීක්ෂකයින්ගේ විවේචනයට ලක්වෙමිනි.
 
රහ්මෝන්ට දරුවන් 9 දෙනෙකි. එයින් 7 දෙනෙකුම දියණියන් වේ. 
 
දේශපාලනයට සම්බන්ධ දරුවන් දෙදනෙකි. එක් අයෙක් ඔසාඩා රහ්මෝන්ය අනෙකා රස්ටම් එමෝමලිය.
 
ඔසාඩා තම පියාගේ කාර්ය මණ්ඩලයේ ජේෂ්ඨ නිළධාරිනියක් වන අතර ඇය සෙනෙට් සභිකයෙකි.
 
රස්ටම් එමෝමලිය තජිකිස්තාන් ජ්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක් වන අතර ඔහු පාපන්දු ක්‍රීඩා සමාජයක අයිතිකරුවෙකි. 
 
තවද ඔහු එම පාපන්දු කණ්ඩායමේ නායකයා ය. එම ක්‍රීඩා සමාජය 2010 සිට 2016 දක්වා පිට පිටම ජාතික ශූරතාවය ලබාගෙන ඇත.
 
2012 වසරේ රහ්මොන් විසින් තම පුත්රුවන පාපන්දු සංගමයේ සභාපති වශයෙන් පත් කළේය.
 
රස්ටම් එමෝමලිගේ ප්‍රියතම විනෝදාංශය කාර් රේස් පැදීම සහ මිල අධික රේසිං කාර් එකතු කිරීමය. 
 
Rate this item
(1 Vote)
Last modified on Thursday, 15 December 2016 06:50