April 27, 2024

මාධ්‍යවේදීන්ට නිළ ඇඳුමක් ?

December 14, 2016
මාධ්‍යවේදීන් නිවැරදිව හඳුනා ගතහැකි පරිදි විශේෂිත ඇදුමක් හඳුන්වා දිය යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග අද (14) යෝජනාවක් සිදු කළා.
 
හම්බන්තොට මාගම්පුර වරායේදී පසුගියදා නාවික හමුදපතිවරයා මාධ්‍යවේදියෙකුට සිදුකළා යැයි කියන පහරදීමට අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළා.
 
එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “මම හිතනවා අපි රජයක් හැටියට නීතියක් ගේන්න ඕනේ මාධ්‍ය වාර්තකරනයේ යෙදෙන පුද්ගලයන් වෙනම හඳුනා ගැනීමට ඇඳුමක් වගේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න. අපි දන්නෙ නෑනෙ.. ටැග් එකක් ගහගෙන ඕන එක්කෙනෙකුට යන්න පුළුවන් මාධ්‍යයෙන් කියලා. මේක මගේ අදහසක් විතරයි. එතකොට හරි දේ කරන්න එන අයව හඳුනාගන්න අපිට පුළුවන්” යනුවෙනි.
 
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මාධ්‍යවේදීන් කිසිවෙක් වරායට පිවිස ඇත්කේ කිසිදු අවසරයකින් තොරව බවයි.
Rate this item
(0 votes)