April 27, 2024

ෆේස්බුක් ඇඩ්මින්වරයෙක් අත්අඩංගුවට !

December 14, 2016
සතියක් යාමටත් මත්තෙන් තවත් ෆේස්බුක් ඇඩ්මින්වරයෙක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් පිලිබදව වාර්තා වෙනවා.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවරදී තරුණයෙකු වන අතර ඔහුට එල්ල වී ඇති චෝදනාව වනුයේ ෆේස්බුක් පිටුවක් හරහා අසත්‍යය සහ ජාතිවාදී ප්‍රකාශ සිදු කිරීම බවයි වාර්තා වන්නේ.
 
ජනාධිපතිවරයාට මරණිය තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් ඉකුත් සතියේදී ෆේස්බුක් පිටුවක් හා සම්බන්ධ ඇඩ්මින්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවමගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
 
සිද්ධිය පිළිබද වැඩි දුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන බවත් වාර්තා වෙනවා.
 
මේ අතර “අන්තවාදී ක්‍රියාවලින් රටේ සංහිඳියාවට සහ රටට තර්ජනයක්‌ එල්ල වෙනවා නම් නීතියෙන් ඊට විසඳුම් සෙවීමට උත්සාහ දරමු” යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ අතර ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් හෝ මුද්‍රිත මාධ්‍යවලින් අන්තවාදය පැතිරවීමට එරෙහිව යම්කිසි පියවරක්‌ ගත හැකි වුවද වෙබ් අඩවිවලින් හා සමාජ ජාලවලින් පවසන දේශපාලනය කිරීමට හැකියාවක්‌ නැතැයි අගමැතිවරයා පවසනවා.
 
සමාජ ජාලවලින් අද ඕනෑම දෙයක්‌ පවසන්න පුළුවන්. අන්තවාදය පතුරුවමින් සිටින්නේ මේ හරහායි. මේ සම්බන්ධව සියලු පාර්ශ්වයන් කැඳවා කරුණු පැහැදිලි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරනවා. කරුණු පැහැදිලි කර මේ තත්ත්වය පාලනය කළ හැකිදැයි කියා අපි උත්සාහ කර බලමු. එය අසාර්ථක වුවහොත් නීතියෙන් විසඳුම් සොයමු. යැයි අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියා.
Rate this item
(2 votes)
Last modified on Wednesday, 14 December 2016 19:43