April 27, 2024

වෙඩිවැදුණු මුවදෙන ළඟට විත් කිරි උරාබොන මුවපොව්වා

December 14, 2016
පොහොය දිනයේ වැඩි මිලට මස් අලෙවි කිරීම සඳහා කිරි බොන පැටවකු සිටින මුව දෙනක බඳින තුවක්කුවක් අටවා මරා දමා නිවෙසට රැගෙන එමින් සිටි දඩයක්කරුවකු මිහින්තලය පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
 
කැලෑවේ බඳින තුවක්කුව සවිකර මුව දෙන ඝාතනය කර පසුපස පාදවලින් ඇදගෙන නිවෙසට රැගෙන එමින් සිටියදී දඩයක්කරු අත්අඩංගුවට පත්වූ බවත් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකයට මෙන් කැලෑව පරීක්ෂා කරද්දී මුව දෙනට වෙඩි වදින අවස්ථාවේ ඒ අසලින් සිටි පැටවාගේ කොන්දට මූනිස්සමක් වැදී පසුපස කකුල් පණ නැතිව කැලයේ වැටී සිටියදී සොයාගත් බව පොලිසිය පැවැසුවේය.
 
මියගිය මුවදෙන සහ කොන්ද කැඩුණු මුවපොව්වා මිහින්තලය පොලිසියට රැගෙන එනු ලැබීමෙන් පසුව මියගිය මුවදෙන ළඟට බඩගාගෙන ගොස් ඇයගේ තන බුරුල්ලෙන් මුවපොව්වා කිරිබොන්නට දැරූ උත්සාහය ර් අවස්ථාවේ එතැන සිටි පොලිස් නිලධාරීන් ඇතුළු සැමගේ සිත් කම්පාවට පත් කළ දසුනක් විය.
 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 December 2016 20:33