May 07, 2024

බස් ඩ්‍රයිවර්ගේ අසුනේ හිදගත් මැනේජර්

December 14, 2016

 

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් දඹුල්ල ඩිපෝවේ ඩිපෝ කලමානාකාර ඒ .එන් .නවරත්න මහතා 12 දින රියදුරු පුරප්පාඩුවක් පුරවමින් බස් රථ ධාවනයට එක්වූ ආදර්ශ පුවතක් වාර්තා වෙයි.

දඹුල්ල සිට හෙට්ටිපොල දක්වා ධාවනයවන බස් රථයේ රියදුරු අසනීප වී සේවයට නොයෙන බව දැනුම්දී ඇත. මෙදින අමතර රියදුරන් ඩිපෝවේ නොසිට ඇත. විශාල ආදායමක් ඇති මගින් රැසක් බලාපොරොත්තුවෙන් සිටිනබස් රථය ධාවනය කිරීමට නොහැකි තත්වය උදා වෙද්දී ඩිපෝ කළමනාකාර නවරත්න මහතා කොන්දොස්තර වරයා ද සමග බස් රථය පන ගන්වාගෙන ජනතා අවශ්‍යතාවය ඉටු කර ඇත.
 
මේ බව ආරංචි වීමත් සමග අප දඹුල්ල බස් නැවතුම්පලට 12 දින පස්වරුවේ යනවිට ගමන් වාරයක් අවසන් කොට නැවත ඊලග ගමන් වාරයට ඩිපෝ කලමානාකාර නවරත්න මහතා බස් රථයේ රියදුරු අසුනේ වාඩිවී සිටින අයුරු දැකගත හැකිවිය .
 
නවරත්න මහතා කිවේ එක බස් එක මෙදින ධාවනය නොව්නානම් තම ඩිපෝවට පාඩු වන බවත් බස් රථයක් නවතා තබා තමන්ට කළමනාකාර පුටුවේ වාඩිවී සිටීමට නොහැකි නිසා බස් රථය රේගෙන සේවයේ යෙදුනු බවය .
 
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 December 2016 16:44