May 07, 2024

පූජා උමාශංකර් මියයයි? (PHOTOS)

December 08, 2016

පූජා උමාශංකර් යනු මෙරට මෙන්ම අතිශයින් ජනප්‍රිය නිළියක්.

ඉන්දීය සම්භවයක් සහිත වුවත් ඇයට මෙරට රසික රසිකාවියන්ගේ ලැබෙන ආදරයේ නම් අඩුවක් නැහැ.

නමුත් ඇයට ආදරය කරන්නන්ට පසුගිය දිනෙක ඇගේ ෆේස්බුක් ගිණුම හරහා දක්නට ලැබුණේ නම් කිසිසේත් අපේක්ෂා කළ දෙයක් නොවෙයි.

ඇගේ ෆේස්බුක් ගිණුමෙහි දර්ශනය වූයේ ඇය මියගිය බවට යි.

යම්කිසි ෆේස්බුක් සාමාජිකයෙකු මියගිය විට දර්ශනයවන "Remembering" යන්න ඇගේ ගිණුමෙහි සටහන් වී තිබුණා.

ෆේස්බුක් පරිශීලකයෙකු මියගිය පසු ඔහුගේ හො ඇයගේ සමීපතමයෙකුට එම මරණය පිළිබඳ ෆේස්බුක් සමාගම වෙත දැනුම් දීමට හැකි අතර "Remembering" යන්න සටහන් වන්නේ ඉන් පසුව යි.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති පූජා පවසන්නේ තම සමීපතම පුද්ගලයෙකු විසින් මෙය සිදු කරන්නට ඇති බව යි.

තම පියා හදවත් රෝගියෙකු වන නිසා මෙවැනි දෑ සිදුකිරීමෙන් වලකින ලෙස ද ඇය ඉල්ලා තිබෙනවා.

ඡායාරූප පහතින් > > > 

02

Rate this item
(4 votes)