May 07, 2024

බිකිනියක් අඳින්නම ගිහින් හිත වෙනස් කරගත් හේතුව ගයාත්‍රී හෙළිකරයි

December 05, 2016

ගයාත්‍රි ඩයස් මෑත කාලයේ දී ටෙලිනාට්‍යවල එතරම් පෙනී නොසිටියත් ඇගේ රසික රසිකාවියන් නම් ඇය පිළිබඳව, ඇගේ තොරතුරු පිළිබඳව ඇති උනන්දුව අඩු කර නැහැ.

විශේෂයෙන් ගයාත්‍රී පිළිබඳව පසුගිය දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වන්නට වූයේ ඇය රූ රැජින තරගයකට සහභාගී වීම හේතුවෙන්.

කෙසේ වෙතත් මෙම තරගයේ දී ඇය ශරීරයෙන් වැඩි කොටසක් නිරාවරණයවන බිකිනි ඇඳුම අඳියිදැයි යන්න පිළිබඳව බොහෝ දෙනා අවධානයෙන් සිටියා.

තරගයෙන් පසුව ඇය ජාතික පුවත්පතක් වෙත මෙසේ අදහස් දක්වා තිබුණා.

එම සම්මුඛ සාකච්ඡාව පහතින් > > >


ගයාත‍්‍රි මේ දිනවල ඔබ ගැන වැඩිපුර කතා බහ වෙනවා, එහෙම නේද?

පසුගිය දිනවල ඉන්දියාවේදී පැවැත් වු විවාහක රූ රැුජින ටොප් ඔෆ් ද වර්ල්ඞ් තරගය නියෝජනය කළ නිසයි ඒ විදියට කතා වෙන්නේ.

 

මෙහිදී ජයග‍්‍රහණයක් ලැබුණද?

”මිසිස් ටැලන්ට්” අංශයේ ජය ලැබුණා. ඒ නිසා තමයි වැඩි දෙනා මේ විදිහට කතා වෙන්නේ.

 

මේ වගේ රූ රැජිණ තරග වලට සහභාගී වීමත් දැන් හරියට විලාසිතාවක් වගේ නේද?

ඇත්තටම ලෝකයේ නිරන්තරයෙන් මෙවැනි රූ රැජිණ තරග පැවැත්වෙනවා. මේක ලංකාවට රැල්ලක් වෙලාද කියලා මම දන්නේ නැහැ. සහභාගී වන අයම තමයි ඒවා ඒ විදියට රැලි කර ගන්නෙ. නමුත් මම වගේ කෙනෙක් සහභාගී වීම නිසා ඒක ඒ විදියයි කියන්න බැහැ. හේතුව මට මේ අවස්ථාව නියෝජනයට ලැබුණම මම ඊට ඒ තරම් කැමැත්තක් දැක්වුවේ නැහැ.

 

එහෙනම් ඔබ ඊට සහභාගී වුණේ?

මගේ ජීවිතයේ මට ලැබෙන රූ රැජින තරග නියෝජනයේ අවසාන අවස්ථාව මෙය වේවි කියලා පසුව හිතුවා. මොකද වයසින් වැඩි වෙනවා. ඒත් එක්කම මේවාට සහභාගීවීමට තියෙන අවස්ථාවක් අඩු වෙනවා. ඒ නිසා අන්තිම අභියෝගය තමයි මම මේ බාර ගත්තේ. මේ ටොප් ඔෆ් ද වර්ල්ඞ් තරගයේදී මෙරට අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන සංවිධාන අංශයෙන් තමයි ආරාධනා ලැබුණෙ. නමුත් ඇත්තටම ඊට සහභාගී වෙනවාද? නැද්ද? යන්න මට බයක් ඇති වුණා.

 

හේතුව?

වෙනත් රට වලින් පැමිණෙන රුවැත්තියන් ඉතාමත් උසින් වැඩි, ලස්සන පෙනුමැති ? සපුවකින් යුතු අයයි. ඉතින් ඒ රුවැත්තියන් එක්ක තරග කරන්න පුළුවන්ද? කියන චකිතය මට තිබුණා. නමුත් මේ රටේදී මම මීට පෙර රූ රැුජින තරග කීපයක්ම නියෝජනය කරලා තියෙනවා. මම ක්ෂේත‍්‍රයට ආවෙත් රූ රැුජින ජයග‍්‍රහණයෙන් පසුවයි. ඒ හැරත් දරුවන් දෙදෙනෙකුගේ මවක ලෙසත් රංගන ශිල්පිණියක ලෙසත් ගත කරන මට මේ රටේ ජනතාව ආදරෙයි. ඒ වෙනුවෙන් රටට යම්කිසි ජයක් ගෙන දීම අරමුණ වුණා. අන්තිමට මෙම තරගය නියෝජනයට ගියේ ඒ නිසයි.

 

මේ නිසා රටට ලැබුණු දේ මොනවද?

ශ්‍රී ලංකා රූ රැජින, සිරස රූ රැජින ආදී තරග රැසක් නියෝජනය කරලා තිබුණා. අවුරුදු කුමරිය තරග නමයක් විතර ජයග‍්‍රහණය කරලා තියෙනවා. නමුත් ඒ ඔක්කොම වුණේ රට ඇතුලේදියි. රටින් පිට පැවැත්වු තරගයකට සහභාගී වීම නිසා ලැබුණු අත්දැකීම් මගේ ජීවිතයට වඩාත් වැදගත් වුණා. මීට පෙර ජාත්‍යන්තර තරගයකට මම ඉදිරිපත් වෙලා තිබුණෙත් නැහැ. ඒ නිසා මේ අවස්ථාව මට ලොකු අත්දැකීමක් වුණා.

 

මේ තරගයට යාමට පෙර විවිධ කතා සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය වුණා. එහෙම නේද?

කොහොමටත් වෙබ් අඩවිවල ස්වභාවය අනුව ඔවුන්ට අලූත් යමක් ඉදිරිපත් කිරීමේ වුවමනාව නිරන්තරයෙන් තියෙනවා. නමුත් මට මේ තරගයට ඉදිරිපත් වන විට, ඒ පිටත්ව යන මොහොතේ කිසිවක් අසාධාරණව සිදු වුණේ නැහැ. නමුත් ලොකුම ප‍්‍රශ්නය වුණේ මේ තරගයේ අවසන තිබු බිකිණි ඇඳුමෙ ඉදිරිපත් නොවීමයි. ඒ ගැන බොහෝ සමාජ ජාලා කතා කරන්න පටන් ගත්තා.

 

මේ තරගයට යාමට පෙර එවැනි මොහොතකට සමබන්ධ විය යුතුයි කියා දැන ගෙන සිටියේ නැද්ද?

අනිවාර්යයෙන්ම දැනගෙන හිටියා. නමුත් මගේ බලාපොරොත්තුව වුණේ මීට සහභාගී වීමටයි. සමහර විට ඒ බිකිණි ඇඳුම අඳින්නත් ඉඩ තිබුණා. නමුත් එක් මොහොතකදී මම ඒ ගැන කීප වරක්ම කල්පනා කළා. මෙයින් පසුව මම නැවත රටට එද්දී අපේ රටේ තියෙන සදාචාරය සභ්‍යත්වය සහ ඒ සංස්කෘතික වටපිටාව යටතේ මේ නිසා ලැබෙන ප‍්‍රතිචාර විඳ දරා ගන්න පුළුවන්ද කියලා. පුද්ගලිකව මම මගේ සදාචාරය ගැන හිතන කෙනෙක්. මම දියණියන් දෙදෙනකුගේ මවක්, එක් මොහොතකට පමණක් සීමා වූ අවස්ථාවක් වුණත් අන්තිමට මම එයින් ඉවත් වීමට තීරණය කළේ ඒ නිසයි.

 

ඇයි ඔබ සහ චන්න එකට රඟපාන්නෙ නැත්තෙ කියලත් බොහෝ දෙනා විමසනවා නේද?

ඇත්තටම අපට එහෙම අවස්ථා ලැබිලා නැහැ. එකම එක ටෙලි නාට්‍යයක විතරයි අපි දෙන්නා රඟපෑවේ. මගේ තෙවැනි ටෙලි නාට්‍යය වූ බෙනට් රත්නායකගෙ මකර විජිතය එයයි. ඉන් පසුව කවුරුවත් අපට කතා කළේ නැහැ.

 

දැන් ඔබගෙ වැඩි මහල් දියණියත් කලා කටයුතු වලට දායක වෙනවා නේද?

එයාට රඟපෑම ගැන එච්චර උනන්දුවක් නැහැ. හැබැයි ගීත ගායනයට ආසයි. ඒ නිසා ඒ ගැන වැඩිපුර උනන්දුවක් දක්වනවා. සංගීතය හැදෑරීමක් කරනවා. ඒ නිසා එම අංශයේ වැඩ සටහන්වලට, විශේෂයෙන්ම කලා කරුවන්ගේ දරුවන් දායක වන වැඩ සටහන් වලට දායක වෙනවා. රඟපානවාට මගේ නම් කිසි අකමැත්තක් නැහැ. නමුත් එයා අකමැති බව පේනවා. පොඩි එක්කෙනා නම් චන්නගේ අලූත් ෆිල්ම් එකේ රඟපෑවා. මලීෂාත් චන්නගේ ටිකිරි හපන්නු ටෙලි නාට්‍ය මාලාවේ රඟපෑවා.

 

පවුලම එකතු වෙලා එක නිර්මාණයකට දායක වෙන්න අකමැතිද?

කලා පවුල් වල නිර්මාණයක් කෙරෙන කොට බොහෝවිට ඒ කලා පවුලම ඒ නිර්මාණය වටා හිටියා. නමුත් එහෙමම වෙන්න ඕනැය කියලා මම හිතන්නේ නැහැ. අපි සිිටිනවාය කියන දේ මුල් කරගෙන චරිත ලියවිය යුතුත් නැහැ.

 

අද බොහෝ නළු නිළියන් ෆේස් බුක් හරහා අනවශ්‍ය ප‍්‍රතිචාර ලබා ගන්න උත්සාහ ගන්නවා නේද? ඔබත් ෆේස් බුක් එකේ නිතර දකින්න ලැබෙන චරිතයක්ද?

ෆේස් බුක් කියන්නෙ නිරන්තරයෙන් පෙනී සිටිය යුතු තැනක් නෙවෙයි. එය මා විශ්වාස කරන විදියට මිතුරන් අතරෙ අදහස් හුවමාරු කර ගත යුතු මාධ්‍යයක්. ඒ හැර ඒ මගින් අනවශ්‍ය ප‍්‍රචාර ලබා ගැනීමේ අවශ්‍යතාවයක් මට නැහැ.

 

ඔබ දැන් නිතර රඟපාන්නෙ නැහැ නේද?

ඇත්තටම කාලාන්තරයක් තිස්සෙ විටින් විට රඟපෑවා. ඒත් දැන් නම් මට ඒ ගැන වැඩි කැමැත්තක් නැහැ.

 

දැන් කැමැත්ත?

දියණියන් දෙදෙනා වෙනුවෙන් වැඩිපුර කාලය වැය කිරීමට වගේම, දැන් නැවතත් මගේ රූපලාවන්‍ය කටයුතු සඳහා වැඩිපුර කාලය යෙදවීමට තමයි කැමැත්ත තියෙන්නේ.

 

සැලෝන් වැඩ ගැන කතා කරද්දී ‘ගයාත‍්‍රි සහ නයනා’ ගැන නිතර කතා වුණා නේද?

ව්‍යාපාර හෝ රඟපෑම ගැන කතා කළත් අපි දෙන්නා දෙපැත්තක සිටියෙ. මිත‍්‍රත්වය කියන්නෙ තව දෙයක්. අපි එකට සැලොන් හෝ රූපලාවන්‍ය කළේ නැහැ. නයනා හොඳ මිතුරියක් වුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 December 2016 09:04