May 04, 2024

iPhone එකකින් වූ අනතුරකින් දැරියක් නූලෙන් බේරෙයි (PHOTOS)

November 20, 2016

ජංගම දුරකතනයක් අධික ලෙස රත්වීම හේතුවෙන් නිවසක කාමරයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇති පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙනවා.

මෙම ගින්නට හේතු වී ඇත්තේ ඇපල් සමාගම නිපදවූ අයිෆෝන් ස්මාර්ට් ජංගම දුරකතනයක්.

මෙම දුරකතනය වයස අවුරුදු 15ක පමණ වූ දැරියකට අයත් එකක්වන අතර අදාළ දැරිය කාමරයෙන් පිටතට පැන දිවි බේරාගෙන ඇති බව වාර්තා වෙනවා.

කාමරයේ තිබූ බඩුබාහිරාදිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව යි සඳහන් වන්නේ.

මෙම අනතුර සිදුවද්දී දුරකතනය ආරෝපණය කරමින් තිබී ඇති අතර ඒ මොහොතේ අධික ලෙස රත් වූ දුරකතනයේ පසුපස කවරය ගිනි ගෙන ඇති නිසා මෙම අනතුර සිදුව ඇති බව යි හෙළි වී ඇත්තේ.

3a85980b00000578-3950126-image-a-55_1479483228901 3a85977300000578-3950126-warning_north_wales_fire_and_rescue_service-a-56_1479483354193 3a8598a100000578-3950126-image-a-54_1479483221346

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 November 2016 14:56