May 03, 2024

තව්හීඩ් ජමාත් වෙනුවෙන් පෙනීසිටි නීතීඥයා ඥාණසාර හිමි ගැන කියූ දේ (VIDEO)

ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය විසින් පසුගිය දා සංවිධානය කර තිබූ විරෝධතාවක් අතරතුර දී එම සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් නමැත්තා සිදුකරන ලද කතාව මහත් ආන්දෝලනයක් ගෙන දුන්නා.

එම නොසන්සුන් බව වැඩි කළේ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමිට අබ්දුල් රාසික් නමැත්තා විසින් ඉතා පහත් ආකාරයෙන් බැනවැදීම නිසා යි.

කෙසේ වෙතත් රාසික් නමැත්තාව පසුව අත්අඩංගුවට ගත් අතර පසුගිය දා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද පියවර ගැනුනා.

අබ්දුල් රාසික් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා පවසන්නේ කහ සිවුරක් ඇඳගෙන බෞද්ධ භික්ෂුවක් යැයි කියාගන්නා පුද්ගලයෙකු විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව යි.

සිවුරක් පෙරවාගත් එම පුද්ගලයා අධිකරණයට, පොලීසියට සහ සියල්ලන්ටම අපහාස කරන්නෙකු බවත්, ඔවුන් බෞද්ධ ජනතාව නියෝජනය කරන්නට පාර්ලිමේන්තුව කරා යාමට උත්සහ දැරුවත් මැතිවරණයේ දී බෞද්ධ ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කළ බවත් ඔහු පැවසුවා.

තව ද තව්හීඩ් ජමාත් සංවිධානය විසින් කිසිදු ආගම් විරෝධී කාර්යයක් සිදු නොකළ බවත්, විදේශීය රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලබාගෙන බෞද්ධ සහ මුස්ලිම් ජනතාව අතර යුද්ධයක් ඇති කිරීමට උත්සහ දරන්නේ ඉහත සඳහන් කළ බෞද්ධයන් වෙනුවෙන් පෙනීසිටිනවා යැයි සඳහන් කරන අයවලුන්ම බවත් එම නීතීඥවරයා පවසා සිටියා.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(4 votes)
Last modified on Friday, 18 November 2016 15:44