May 04, 2024

මෙරට කතුන් 100ක් ගණිකාවන් වී මාලදිවයිනේ: වැටුප ලක්ෂය පනී

November 18, 2016

මාලදිවයිනෙහි ගණිකා සේවය සඳහා ලාංකික කාන්තාවන් සැපයූ ජාවාරමක් හසුකර ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ විදේශ සේවා නියුක්ති කාර්යංශය සිදු කළ වැටලීමක දී.

මෙම ජාවාරමේ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනා එහි දී අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බව වාර්තා වෙනවා.

මොවුන් දෙදෙනා විසින් මෙරට කතුන් 100ක් පමණ මේවන විටත් මාලදිවයිනෙහි ගණිකා වෘත්තියෙහි යෙදවීම සඳහා එරටට යවා ඇති බව හෙළි වී තිබෙනවා.

ගණිකා සේවය සැපයීම වෙනුවෙන් මෙම එක් කතකට රුපියල් 150,000ක මාසික වැටුපක් ලබා දී තිබෙනවා.

ජාවාරම්කරුවන් දෙදෙනා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔවුන් මෙම මස 21 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම ජාවාරමට සම්බන්ධ බංග්ලාදේශ ජාතිකයෙකු ද අත්අඩංගුවට ගැනීම සඳහා මේවන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව යි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 November 2016 10:40