May 04, 2024

සිංහලයින් ගැන සුමනරතන හිමි හිතේ වේදනාවෙන් දිසාපතිතුමියට කියූ කතාව (VIDEO)

මඩකලපුව මංගලාරාම රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන ස්වාමීන්වහන්සේ පිළිබඳව මේ දිනවල මෙරට සමාජ මාධ්‍ය අතර බොහෝ සෙයින් කතාබහට ලක්වෙනවා.

ඒ උන්වහන්සේ විසින් රාජ්‍ය සේවකයින්ට සහ පොලීසිය වෙත අසභ්‍ය වදනින් බැණ වැදී කළහකාරී ලෙස හැසිරෙන වීඩියෝපට අන්තර්ජාලයට නිකුත් වීමත් සමග යි.

කෙසේ වෙතත් මෙම වීඩියෝපට අන්තර්ජාලයේ පළ වීමත් සමග දමිළ ඩයස්පොරාවෙන් තමන්ට මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව යි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ.

එම ප්‍රදේශයේ ජීවත්වන සිංහල ගම්වැසියන්ට පැන නැගී ඇති ඉඩම් හා සම්බන්ධ ගැටළුවක් වෙනුවෙන් සුමනරතන හිමි මෙලෙස කළහකාරී ලෙස හැසිරුණු අතර පසුගිය දා එම ගැටළුව පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරිය දැනුවත් කිරීමට උන්වහන්සේ ගොස් තිබෙනවා.

සිංහල ගම්වැසියන්ට ඇතිවී ඇති ගැටළුව වෙනුවෙන් තමන්වහන්සේ පෙනීසිටින නමුත් සිදුව ඇත්තේ ජාතිවාදියෙකු තමන්වහන්සේට චෝදනා ලැබීම බවත් සුමනරතන හිමියන් ප්‍රකාශ කළා.

සම්පූර්ණ වීඩියෝව පහතින් > > > 

Rate this item
(2 votes)