May 07, 2024

සැත්කම් අසාර්ථකයි: කඳුළු ගෑස් උණ්ඩයෙන් රණවිරුවාගේ දෑසම අන්ධ වෙයි

November 16, 2016

ආබාධිත රණවිරුවන් විසින් පැවැත්වූ විරෝධතාවට පසුගිය දා පොලීසිය විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් සහ අධි පීඩින ජල ප්‍රහාරයන්ට ලක්ව තුවාල ලැබූ නිශාන්ත මහිරාජ් නම් හිටපු හමුදා නිලධාරියාගේ ඇස් දෙකම මේවන විට නොපෙනනා බව වාර්තා වෙනවා.

ඔහුගේ වම් ඇස යුද්ධය අතරතුර දී අන්ධ වී තිබූ අතර දකුණු ඇසට පසුගිය දා ඇති වූ සිද්ධියේ දී බරපතල තුවාල සිදු වුණා.

ඒ කඳුළු ගෑස් උණ්ඩයක් එක එල්ලේ එම ඇසෙහි වැදීම නිසා යි.

එම උණ්ඩය ඔහුගේ ඇසට ඉහළින් ඇතුළු වී ඇති බවත් එහි ඇතැම් කොටස් හිස්කබල තුළට පවා ගොස් ඇති බවත් වාර්තා වෙනවා.

මේ හේතුවෙන් ඇස දෙකට පුපුරා ඇති බවත් එය මේවන විට මසා ඇති බවත් "මව්බිම වෙනුවෙන් රණවිරුවෝ" සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එම සැත්කම අසාර්ථක වී ඇති බවත් මේවන විට එම ඇස ද අන්ධ භාවටය පත්ව ඇති බවත් වාර්තා වෙනවා.

මේ අතර එම රණවිරුවාගේ බිරිඳ පවසන්නේ උකුළු අස්ථියට සිදු කරන ලද සැත්කමක් හේතුවෙන් තමන් ද ආබාධිත තත්ත්වයේ පසුවන නිසා මෙම සිදුවීමත් සමග සිය දරුවන් නඩත්තු කිරීමේ දැඩි ගැටළුවක් පැනනැගී ඇති බව යි.

සිය සැමියාගේ ඇස සනීප කර දෙන මෙන් තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඇය ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 November 2016 15:16