May 06, 2024

නිරෝෂා විරාජිනීගේ සැමියා ලෙස හැසිරුණු අයෙක් ගුටි කාලා

November 16, 2016

ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනී මහත්මිය සිය බිරිඳ බව පවසමින් ඇගේ නිවසට ඇතුළු වීමට උත්සහ කළ පුද්ගලයෙකු පහර කෑමට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

විරාජිනී මහත්මියගේ නිවසේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු එක්ව අදාළ පුද්ගලයාට මෙසේ පහර දී ඇති බව යි පැවසෙන්නේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් කදාන පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබෙන බව වාර්තාවන අතර පහරකෑමට ලක් වූ පුද්ගලයා පැමිණිල්ල සිදුකිරීමෙන් අනතුරුව රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගෙන ඇති බව ද පුවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් අදාල තැනැත්තා රෝහලින් අතුරුදන්ව ඇති බව යි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.

පහර දීමෙන් එකී පුද්ගලයා බේරා ගැනීමට පැමිණි අසල්වැසියෙකුට ද විරාජිනී මහත්මියගේ නිවසේ සිටි දෙදෙනා විසින් පහර දී ඇති බව පැවසෙන අතර ඒ පිළිබඳව ද පොලිස් පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන් වෙනවා.

වසර කිහිපයක් තිස්සේ නිරෝෂා විරාජිනී තම බිරිඳ බව පවසමින් අදාල පුද්ගලයා අැයට කරදරකාරී ලෙස හැසිරී ඇති බවත් අදාළ තැනැත්තා මානසික රෝගියෙකු විය හැකි බවත් පොලීසිය පවසා ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් පළ කරමින් නිරෝෂා විරාජිනී මහත්මිය සඳහන් කර ඇත්තේ

"අපේ ගේ වටේ පිස්‌සෙක්‌ කැරකෙනවා. ඒක පරණ සිදුවීමක්. මාධ්‍යයට අදහස්‌ දෙන්න බෑ. පහර දීමක්‌ සිදු වුණේ නෑ" යනුවෙන්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 November 2016 13:17