May 07, 2024

ශ්‍රී පාදයේ පුවරුවකට තරුණයන් දෙදෙනෙකු කලු තීන්ත විදලා (PHOTOS)

November 08, 2016

ශ්‍රී පාදස්ථානය පිළිබඳ මේ දිනවල කතාබහට ලක් වීමත් සමග මතු වූ තවත් කාරණාවක් වන්නේ එයට ජාත්‍යන්තර වශයෙන් භාවිතවන නාමය යි.

ශ්‍රී පාද කන්ද ජාත්‍යන්තරව හඳුන්වන්නේ Adam's Peak යන ඉංග්‍රීසි වදනින්.

එහි අරුත "ආදම්ගේ කඳු මුදුන" යන්න යි.

මෙම ඉංග්‍රීසි වචනය වෙනස් කොට ජාත්‍යන්තර වශයෙන් ද "ශ්‍රී පාදය" යන නාමය භාවිතයට ගෙනායුතු බවට පසුගිය දින කිහිපයේ දී ම විශාල රැල්ලක් පැන නැගෙමින් පැවතුනා.

එමෙන්ම ගූගල් සිතියම් තුළ ද ශ්‍රී පාදය යන නාමයම භාවිත කළ යුතු බවට ද මත පළ වුණා.

කෙසේ වෙතත් ශ්‍රී පාදයට පිවිසෙන මාර්ගයක සඳහන් කොට තිබූ පුවරුවක Adam's Peak යන ඉංග්‍රීසි නාමය පසුගිය දා මකා දමා ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම මෙම ක්‍රියාව සිදු කළ තරුණයින් එම පුවරුව ඉදිරියේ සිට ඡායාරූපවලට ද පෙනී සිට තිබෙනවා.

එම ඡායාරූප ගෙන ඇත්තේ ඔවුන් විසින් එම නාම පුවරුවෙහි ඉංග්‍රීසි වැකිය මකා දැමූ අවස්ථාවේ දී ම යි.

ඡායාරූපවල ඔවුන් එම ක්‍රියාව සිදු කිරීමට භාවිත කළ තීන්ත ඉසිනයක් ද අතැතිව සිටින බව දක්නට ලැබෙනවා.

ඡායාරූප පහතින් > > >

14963253_714494625376126_1366065761703792112_n

01

මකා දැමීමට පෙර මෙම නාම පුවරුව පැවැතියේ පහත ආකාරයෙනි > > > 

dscf5347

img_1347-copy

086-start-of-adams-peak-or-sri-pada

 

Rate this item
(0 votes)