May 07, 2024

ලංකාවේ ලොකුම ඇදහිය නොහැකි කිඹුලා නිල්වලා ගඟෙන් මතුවෙයි (VIDEO)

අති දැවැන්ත කිඹුලෙකු නිල්වලා ගඟ පිටාර ගැනීමත් සමග මාතර වෙලේගොඩ ප්‍රදේශයෙන් ගොඩට පැමිණ තිබෙනවා.

වන ජීවී නිලධාරීන් පවසන්නේ මෙම කිඹුලා මෙරට දී මෙතෙක් වාර්තා වූ දැවැන්තම කිඹුලා බව යි.

දිගින් අඩි 18ක් පමණ මෙම කිඹුලා අද දින අළුයම ගොඩට පැමිණ ඇති අතර ගම්වාසීන්ගේ දැඩි කැපවීම සහ වනජීවී නිලධාරීන්ගේ දැඩි උත්සාහය මත අල්ලා ගත් බව අප වාර්තාකරු සඳහන් කරනවා.

ඉතා වෙහෙසකර මෙහෙයුමකින් අනතුරුව කිඹුලා මෙල්ල කර නැවත නිල්වලා ගඟට මුදාහැර ඇති අතර මෙම කිඹුලාට පිහිටා ඇත්තේ පාද තුනක් පමණයි.

උපතින්ම එක් පාදයක් පිහිටා නොමැතිවන්නට ඇති බවට යි වනජීවී නිලධාරීන් සැක පළ කරන්නේ.

වීඩියෝව පහතින් > > >

Rate this item
(2 votes)
Last modified on Monday, 07 November 2016 13:11