May 07, 2024

පොදු වැසිකිළියේ තිබූ මුරුක්කු හා බැදපු කඩල මිනිසුන්ට විකුණූ නරුමයින් ඇල්ලූ හැටි

November 07, 2016

සාරධර්ම, මනුදම් ආදිය පිරිහී ඇති වර්තමානයේ මුදල් වෙනුවෙන් ඕනෑම පහත් ක්‍රියාවක් සිදු කිරීමට ඉදිරිපත්වන මිනිසුන් අප සමාජයේ දුලබ වන්නේ නැහැ.

සමාජයේ සෑම තලයකටම සෑම ක්ෂේත්‍රයකටම පාහේ ආදාලවන මෙම කරුණ ඔප්පුවන පුවත් දිනෙන් දිනම වැඩි වැඩියෙන් වාර්තා වීම සැබැවින්ම අවාසනාවක්.

එවන් තවත් පුවතක් කුරුණෑගල නගරයෙන් වාර්තා වෙනවා.

එම නගරයේ බස් නැවතුම් පොලේ පිහිටි පොදු වැසිකිළිය තුළ ගබඩා කර තිබූ කඩල සහ මුරුක්කු පැකට් තොගයක් සොයා ගැනීමට නාගරික සෞඛ්‍ය බලධාරීන්ට හැකි වුණා.

ඉතාමත් අපිරිසිදු ලෙස ගබඩා කර තිබූ මෙම ආහාර කුරුණෑගල නගරයට පැමිණෙන පුද්ගලයින්ට අළෙවි කිරීමට යි සූදානම් කර තිබී ඇත්තේ.

මෙම පහත් ක්‍රියාව සිදු කළ ජංගම වෙළඳුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔවුන් එහි දී වරද පිළිගෙන ඇති බව යි වාර්තා වන්නේ.

එම වෙළඳුන් දෙදෙනාට රුපියල් 10,000 බැගින් රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස කුරුණෑගල අතිරේක මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කර තිබෙනවා.

තව ද සොයාගත් කඩල හා මුරුක්කු තොගය විනාශ කර දමන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

Rate this item
(0 votes)
Last modified on Monday, 07 November 2016 11:35