May 07, 2024

මියගිය දිනට පෙර දින අමරදේවයන් කළ අවසාන ඉල්ලීම

November 05, 2016

අද දැයෙන් සමු ගන්නා මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම ගායන හා සංගීත ශිල්පියා ලෙස සැලකිය හැකි ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන් පිළිබඳ ජාතියම කම්පා වෙමින් පවතිනවා.

ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා ඇදහැලෙන වර්ශාව පවා නොතකා දිවයිනේ නන් දෙසින් ජනතාව පැමිණෙමින් සිටිනවා.

මේ අතර අමරදේවයන්ගේ ආදරණීය බිරිඳවන විමලා අමරදේව මහත්මිය විශේෂ සිදුවීමක් පිළිබඳව මාධ්‍යයට අනාවරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අමරදේව ශූරීන් මියගිය දිනට පෙර දිනයේ සිදු කළ ඉල්ලීමක් පිළිබඳව යි.

තමන් හට මල් තුනක් සූදානම් කර දෙන මෙන් ඔහු ඉල්ලා තිබෙනවා.

ඒ බුද්ධ, ධම්ම සහ සංඝ යන ත්‍රිවිද රත්නයට පිදීම සඳහා යි.

එහි දී විමලා අමරදේව මහත්මිය වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ අමරදේවයන් වැනි අවංක ලංකා පුත්‍රයෙක් ඉදිරි සියවස් කිහිපයේ දී හෝ බිහි නොවනු ඇති බව යි.

Rate this item
(3 votes)
Last modified on Saturday, 05 November 2016 11:12