May 06, 2024

අමරදේව ශූරීන්ගේ අවසන් ගීත ගායනයේ වීඩියෝව (VIDEO)

පසුගිය දා අභාවප්‍රාප්ත වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන් අද දින දැයෙන් සමුගැනීම සිදු කෙරෙනවා.

එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේවන විටත් විශාල පිරිසක් කොළඹ නිදහස් චතුරස්‍ර භූමියට පැමිණෙමින් ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර අමරදේව ශූරීන් අවසන් වරට ගායනයක් ඉදිරිපත් කළ අවස්ථාවේ වීඩියෝවක් ෆේස්බුක් සමාජ ජාලය වෙත නිකුත් වී තිබෙනවා.

ඒ ඔහු මිය යන්නට දින කිහිපයකට පෙර සහභාගී වූ උත්සවයක දී.

මනෝරම වීරසිංහ මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කොට ඇති මෙම වීඩියෝවත් සමග කෙටි සටහනක් ද තබා තිබෙනවා.

එම සටහන සහ වීඩියෝව පහතින් > > > 


පද්ම ශ්‍රී, පණ්ඩිත් අමරදේවයන්ගේ අවසාන ප්‍රසිද්ධ උත්සවය සහ අවසන් ගායනය....

මේ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ‘සසර දනව්ව‘ උපහාර ගී සරණිය.

මේ උත්සවයෙදි අමරදේවයන්ට කිසිදු ගායනාවක් වෙන්කරල තිබුණේ නැහැ.. හැමදේම බදාගන්න... ප්‍රසිද්ධියට බොහොම කෑදර නිවේදක මහත්තයෙක් කියනව අමරදේවයන්ට ‘ස්ටේජ්‘ නගින්න කියල...!

එහිදි එතුමාගේ නිති ආරක්ෂකයා වෙච්චි විමලා අමරදේව මැතිනියට මළ පනිනවා.. ‘‘*** කවුද එහෙම එකපාරට එන්න කියන්න..කියන්න එන්නෑ කියල..‘‘ යනුවෙන් ගෝරනාඩු කරනවා.. ඇත්ත.එතුමන් ජාතික වස්තුවක් විදියට අපි ලගට යනව මිස එයාව ස්ටේජ් නග්ගන්න අදාළ නිවේදකයා කවුද???

පසුව මේකට මහාචාර්ය සුනිල් ආරියත්න සහ මහාචාර්ය බෙල්ලන්විල නාහිමි මැදිහත් වෙලා ගීතයක කොටසක් හරි ගායනා කරන්න එකගකරව ගන්නවා ඔහු ලගට ඇවිත්ම... ගීතයේ පේළි දෙකක් කියපු ගමං අමරදේව මැතිනිය, අමරදේවයන්ගෙ පිටුපසට පහරක් ගසනවා ‘දැන් ඇති‘ කියන එකට.. ඇත්තටම ඇය හරි..

ඉතින් මේ දුර්ලභ දර්ශනය ප්‍රසිද්ධ මාධ්‍යයක හෝ විද්‍යුත් මාධ්‍යයක පළවෙන පළමු වතාව. මෙය උපුටාගැනීමේදී කර්තෘ අයිතිය සුරකින්න..

විශේෂ ස්තූතිය 
කැලණිය විශ්ව විද්‍යාලයේ හින්දි භාෂා අධ්‍යනාංශ ප්‍රධානී,
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, සංගීත විශාරද, ‘සසර දනව්ව‘ සංවිධායක
උපුල් රංජිත් හේවාවිතානගමගේ මහතාට

 


වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 05 November 2016 09:59