May 18, 2024

පිරිමියෙකු සමග ලැගුම්හලක තනිවූ මංගලිකා ජීවිතයෙන් ගෙවූ වන්දිය

කතරගම ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක කාමරයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

එම කාන්තාවගේ ගෙල කපා දමා ඇති බව වාර්තාවන අතර සිරුරේ වෙනත් තුවාල ද දක්නට ලැබෙන බව යි පැවසෙන්නේ.

අදාළ ඝාතනය සිදුකළ බවට සැලකෙන පුද්ගලයා ද එදිනම කතරගම නගරය ආසන්න ප්‍රදේශයක දී ගෙල වැලලාගෙන මියගොස් ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

සිද්ධියෙන් මියගිය කාන්තාව ඩබ්ලිව්. එම්. මංගලිකා නමැති 44 හැවිරිදි කාන්තාවක්.

ඇය දෙදරු මවක් ද වන බව යි වාර්තා වන්නේ.

ඇයව ඝාතනය කරන්නට ඇතැයි සැලකෙන සියදිවි නසාගත් පුද්ගලයා ද එම ප්‍රදේශයේම පදිංචි ටී.ජී. නිෂාන්ත නමැත්තෙක්.

35 හැවිරිදි ඔහු දරුවන් සිව්දෙනෙකුගේ පියෙක්.

ගෙල වැළලාගත් නිශාන්ත නමැත්තා පසුගිය 28 වැනි දින පෙරවරුවේ අදාළ ලැගුම්හලේ කාමරයක් වෙන්කරවාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ලැගුම්හලේ භාරකරු පවසන්නේ මියගිය කාන්තාව එම කාමරයට පිවිසි බව තමා නොදන්නා බව යි.

සවස් කාලයේ දී කාමරය පිරික්සීමේ දී එය අගුළු දා නොතිබුණු බවත් කාමරය තුළ මියගිය කාන්තාවගේ සිරුර හමු වූ බවත් නවාතැන්පළ භාරකරු පවසා තිබෙනවා.

කතරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 31 October 2016 09:31