May 18, 2024

ලාංකිකයින් ආවේ ඉන්දියාවෙන්ය යන මතය බොරු වෙන ලකුණු

උතුරු ඉන්දීය සංක්‍රමණයක ප්‍රතිඵලයක් ලෙස මෙරට ශිෂ්ඨාචාරගත වූ බවට පිළිගන්නා සාම්ප්‍රදායික මතය බිඳවැටෙන තත්ත්වයක් ඇති වී පවතින බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසා තිබෙනවා.

නවතම පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස යි මෙම තත්ත්වය උදාවී ඇත්තේ.

මෙම පර්යේෂණයේ දී ඉහත සාම්ප්‍රදායක මතය අභියෝගයට ලක්කළ හැකි සාක්ෂි හමු වී ඇති බව යි මහාචාර්යවරයා වැඩිදුරටත් පවසන්නේ.

අදින් වසර 6000කට පමණ පෙර කඳුකර මෙරට ප්‍රදේශවලට බලපෑ දේශගුණික වෙනස්කම් කිහිපයකට ප්‍රතිචාර දැක්වීම සඳහා එවකට ජීවත් වූ ගල් යුගයේ ලාංකිකයින් සිය තාක්ෂණික මෙන්ම සංස්කෘතික කාරණා පරිවර්ථනය කරගත් ආකාරය මෙම පර්යේෂණය මගින් අනාවරණය වී තිබෙනවා.

 

මෙම කාරණා තහවුරු කරගත හැකි සාක්ෂි හමු වී ඇත්තේ බළන්ගොඩ, රාස්සගල, ඉලුක්කුඹුර, ලුණුගල්ගේ, පරගහමඩිත්ත ගල්ගේ, අලුගල්ගේ, මැද්දකන්ද යන ස්ථානවල සිදුකළ කැණීම්වලින් අනතුරුව යි.

මෙම කැණීම්වලින් සොයාගත් පුරාවිද්‍යාත්මක සාක්ෂි කිහිපයක් මේවන විට අමෙරිකාව වෙත යවා තිබෙනවා.

ඒ ඉහළ තාක්ෂණය යොදාගෙන කාල නිර්ණය කරගැනීම සඳහා යි.

එම කාල නිර්ණයෙන් පසු ඉහත කාරණා පිළිබඳ පුළුල් අදහසක් ගත හැකි බව යි මහාචාර්යවරයා පවසන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 29 October 2016 11:51