May 18, 2024

සේරටම වඩා රූපය ගැන හිතන කතුන් අනිවාර්යෙන් නැරඹිය යුතු වීඩියෝවක් (VIDEO)

ශරීරයේ සුන්දරත්වය පිළිබඳව අප සියළු දෙනාම පාහේ සැලකිළිමත් වෙනවා.

නමුත් පිරිමි පාර්ශවයට වඩා කාන්තාවන් විශේෂයෙන් තම රූ සපුව පිළිබඳව අවධානය යොමු කරන බව සැවොම දන්නා කාරණාවක්.

සිරුරේ හැඩය, සමේ පැහැය ආදී වූ බොහෝ දේ පිළිබඳව කාන්තාවන් කෙතරම් අවධානය යොමු කරන්නේ ද යත්, ඇතැම් කාන්තාවන් සිය රූ සපුව වර්ධනය කරගැනීමට ඕනෑම දෙයක් සිදු කිරීමට සූදානම්.

ඇතැමුන් ප්ලාස්ටික් සැත්කම් ආදියෙන් සිය සිරුර වෙනස් කරගන්නේ මේ හේතුවෙන්.

නමුත් ප්ලාස්ටික් සැත්කම් වැරදී ගොස් ඉතා රූමත්ව සිටි කාන්තාවන් විරූපී වූ අවස්ථා නම් ලොව පුරා ඕනෑ තරම් තිබෙනවා.

එමෙන්ම ඇතැමුන් මෙම ප්ලාස්ටික් සැත්කම් ආදිය සීමාව ඉක්මවා සිදු කිරීමට යාමෙන් ඇතැම් විට සිය ජීවතයෙන් පවා වන්දි ගෙවනවා.

මෙම කාරණාව ඉතාම සිත් ඇදගන්නා සුළු ආකාරයෙන් සජීවීකරණ කෙටි චිත්‍රපටයක් ලෙස නිර්මාණය කිරීමට වීඩියෝ කලා ශිල්පියෙකු සමත් වී තිබෙනවා.

එය පහතින් නරඹන්න > > > 

Rate this item
(0 votes)