May 18, 2024

හොඳම පරිගණක වැඩකරුවන් සිටින රටවල් 10 තුළට ලංකාවත් එයි

වර්තමානයවන විට ලොව සියලූම කාර්යයන් පාහේ පරිගණක තාක්ෂණය මත රඳා පවතිනවායි පැවසුවහොත් එය බොරුවක් නොවෙයි.

ඒ හේතුව නිසාම පරිගණක වැඩසටහන් සැකසීම ලොව ප්‍රමුඛතම රැකියා අතුරින් එකක් වී තිබෙනවා.

විවිධ වූ පරිගණක භාෂා ඔස්සේ විවිධ වූ අරමුණු සඳහා කේතකරණය කෙරෙන පරිගණක වැඩසටහන්වලට මෙන්ම ඒවා රචනාකරන ක්‍රමලේඛණ ශිල්පීන්ට ද ලොව ඇත්තේ ඉහළ ඉල්ලුමක්.

මේ අතර පරිගණක ක්‍රමලේඛණ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට ආඩම්බර විය හැකි පුවතක් වාර්තා වෙනවා.

ඒ ලොව හොඳම පරිගණක ක්‍රමලේඛණ ශිල්පීන් සිටින රටවල් 10 අතරට මෙරට ද ඇතුලත්ව තිබීම යි.

එකිනෙකට වෙනස් වූ දක්ෂතා ඔස්සේ මෙම රටවල් 10 තෝරා ඇති අතර එනිසාම මෙම රටවල් 10 තුළම එක සේ දක්ෂයින් සිටින බවට යි වටහාගැනීමට හැකි වන්නේ.

මෙම පෙළගැස්වීමට අනුව ශ්‍රී ලංකාව "පැතුරුම් පද්ධති" (Distributed Systems) සකස් කිරීමේ ලොව හොඳම ක්‍රමලේඛණ ශිල්පීන් සිටින රට බව යි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම වාර්තාවේ දැක්වෙන අනෙක් රටවල් කෘතිම බුද්ධිය, දත්ත ගබඩා, පරිගණක ආරක්ෂාව සහ විවිධ පරිගණක භාෂා යන දක්ෂතා හරහා නම් කොට තිබෙනවා.

එම දත්ත සටහන පහතින් > > > 

Top programming skills by country

Rate this item
(2 votes)
Last modified on Thursday, 27 October 2016 09:44