May 18, 2024

අනියම් බිරිඳ එද්දී බිරිඳ අගුළු ලා සිරකොට පෙම්සුව විඳින සැමියෙක්

සිය නීත්‍යානුකූල බිරිඳ නිවසේ කාමරයක සිරගත කර කාලයක් තිස්සේ අනියම් බිරිඳව ඇසුරු කළ පුද්ගලයෙකු පිළිබඳ නාඋල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මේ පිළීබඳව නාඋල පොලීසිය මේවන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව යි පැවසෙන්නේ.

මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දී සිටින බිරිඳ පොලීසියට පැමිණිළි කර ඇත්තේ තම සැමියා විසින් නිවසේ වැඩකටයුතු තමන් ලවා ඉටුකරගන්නා බවටත් අනියම් බිරිඳ පැමිණි පසු තමන්ව කාමරයක අගුළු ලා අදාළ කාන්තාව ඇසුරු කරන බවටත් ය.

බොහෝ කලක් තිස්සේ මෙම ක්‍රියාව සිදුවන බවත් මේ නිසා තමන් මහත් අසරණභාවයට පත්ව ඇති බවත් අදාළ කාන්තාව ප්‍රකාශ කොට තිබෙනවා.

"මම ඉන්නේ ගෙදර වළං පිගන් හෝදන්න විතරයි. මේ මනුස්සයා අනෙක් වැඩ කරගන්නේ හොර ගෑනිගෙන්" යනුවෙන් අදාළ කාන්තාව පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

කෙසේ වෙතත් සැමියා සහ බිරිය පොලීසියට කැදවා අවවාද කර සිද්ධිය සම්බන්ධයෙන් සැමියාට කරුණ අවබෝධ කර දී සිද්ධිය සමථයකට පත්කළ බව පොලීසිය සදහන් කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 24 October 2016 15:21