May 18, 2024

රංගන ශිල්පිණී කුසුම් රේණු යළි යුගදිවියට (PHOTOS)

මෙරට ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රසික රසිකාවියන් හොඳින් හඳුණන, එමෙන්ම ආදරය කරන රංගන ශිල්පීන් යුවලක්වන ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණු යන දෙදෙනා නැවත විවාහ වීමේ ඡායාරූප පෙළකට පෙනී සිට තිබෙනවා.

ඒ ඔවුන් දෙදෙනාගේ විවාහ සංවත්සරය නිමිත්තෙන්.

මේවන විට ඔවුන් දෙදෙනා විවාහ වී වසර 30ක් ගත වී තිබෙනවා.

1986 වසරේ ඔක්තෝබර් 25 වන දින විවාහ වූ මෙම කලා යුවළ නැවත විවාහ වීමේ ඡායාරූප පෙළක් සමගින් විවාහ සංවත්සරය සැමරුවේ D Pavilion Inn හෝටලයේ දී.

එම හෝටලය පසුගිය දා සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දුන් තිලකරත්න ඩිල්ෂාන්ට අයත් වීම ද සුවිශේෂී කාරණාවක් වනවා.

විවාහ සංවත්සරය සැමරීමෙන් පසු කුසුම් රේණු සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ "1986 ඔක්තෝබර් 25 වන දින විවාහ වු මමත් ශ්‍රියන්තත් 30 වන විවාහ සංවත්සරයට නැවතත් විවාහ වුණා" යනුවෙන්.

ඡායාරූප පහතින් > > > 

14359183_998665783595091_2081728308022111796_n14657475_998665843595085_1901214050695520490_n14657475_998665880261748_8674739873602416194_n14681712_998665583595111_3714534258126048644_n14702335_998665606928442_2754883020191005231_n14713662_998742543587415_7836505237564389416_n14717263_998739416921061_3793151239193894324_nfireshot-capture-311-79-kusum-renu-https___www-facebook-com_real-kusumrenu

Rate this item
(0 votes)
Last modified on Monday, 24 October 2016 15:01