බණ්ඩාරගම ප්‍රදේශයේ වෙළඳසැලකට ඇතුළු වී භාණ්ඩ සොරාගත් තිදෙනෙකුගෙන් යුතු සංවිධානාත්මක කාන්තා කණ්ඩායමකගේ ක්‍රියාකාරකම් හසුකරගැනීමට රම වෙළඳසැලේ CCTV කැමරා පද්ධතිය සමත් වී තිබෙනවා.
මෙම තිදෙනාගෙන් එක් කාන්තාවක් ගැබිණියක් ද වෙනවා.
ඔවුන් මෙසේ භාණ්ඩ සොරකම් කර ඇත්තේ අත්බෑග අලෙවිකිරීමේ නිරත වෙළඳසැලකින්.
CCTV වීඩියෝව පහතින් > > >
සිද්ධියවන අවස්ථාවේ දී අදාළ අලෙවිසැලේ සිට ඇත්තේ එක් සේවකයෙකු පමණක්.
එම අවස්ථාවේ වෙලඳසැලට පැමිණි කාන්තාවන් තිදෙනාම එකවර අත් බෑග ඉල්ලා ඇති බව යි වාර්තා වන්නේ.
ගැබිණි කාන්තාවට මුවා වී අනෙක් කාන්තාවන් දෙදෙනා භාණ්ඩ සොරාගන්නා අයුරු කැමරා පද්ධතියේ සටහන් වී තිබෙනවා.
ඔවුන් සොරාගන්නා භාණ්ඩ සිය රහස් ප්‍රදේශ ආශ්‍රිතව සඟවා ගන්නා අයුරු යි මෙම වීඩියෝවේ වැඩිදුරටත් සටහන් වී ඇත්තේ.
මෙම සංවිධානාත්මක කාන්තා සොර කල්ලිය හඳුණාගැනීම සඳහා සහය වන ලෙස මහජනතාවගෙන් අදාළ වෙළඳසැලේ හිමිකරු ඉල්ලා සිටිනවා.
CCTV වීඩියෝව පහතින් > > >