May 18, 2024

ගුරු දිනය දා දරුවන් 4ක් අපයෝජනය කළ බුද්ධ ධර්මය ගුරුවරයා අල්ලයි

6 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් සිව්දෙනෙකු අපයෝජනය කළ බුද්ධ ධර්මය ගුරුවරයෙකු පිළිබඳව බළන්ගොඩ ප්‍රදේශයේ පාසලකින් වාර්තා වෙනවා.

මෙම ගුරුවරයා එම පාසලේ නියෝජ්‍ය විදුහල්පති ද වන බව යි පැවසෙන්නේ.

ගුරු දිනය සැමරූම පිණිස එම විද්‍යාලයේ සංවිධානය කර තිබූ විවිධ ප්‍රසංගයට සහභාගී වූ සිසුන් සිව්දෙනෙකු මෙසේ අපයෝජනයට ලක්ව තිබෙනවා.

විවිධ ප්‍රසංගය අවසන් වීමෙන් පසුව මෙම සිසුන් ඇඳුම් මාරු කර ගැනීම සඳහා විදුහලේ කාමරයකට ගිය අවස්ථාවේදී මේ අපයෝජනය සිදු කළ බව යි සිසුන් විසින් මවුපියන්ට දන්වා ඇත්තේ.

බළන්ගොඩ විද්‍යාලයක හය වසර පන්තියේ සිසුන් හතර දෙනකුට අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මෙන්ම බුද්ධ ධර්මය උගන්වන ආචාර්යවරයාට විරුද්ධව අපයෝජනයට ලක්වූ බව කියන සිසුන්ගේ මවුපියන් විසින් බළන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලයට පැමිණිල්ලක් කොට තිබේ.

මේ වන විට එම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර විදුහලේ තවත් සිසුන් මේ ආකාරයට අපයෝජනයට ලක්ව ඇද්ද යන්න ගැන පොලිසිය අදාළ පාසලට ගොස් පරීක්ෂණ අරඹා තිබෙනවා.

Rate this item
(0 votes)